Friday, April 26, 2024

ඇෆ්ගනිස්ථානයට ජර්මානු සහාය තවත් නෑ

තලේබාන් සංවිධානය විසින් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධාන සමඟ වැඩ කිරීම සහ අන්තර්ජාතික සංවිධානවල රැකියාවට යෑම තහනම් කිරීමෙන් අනතුරුව, ජර්මානු ලාභ නොලබන ස්වේච්ඡා කණ්ඩායම් ඇෆ්ගනිස්ථානයේ සිය මෙහෙයුම් අත්හිටුවා ඇත. එසේම අනෙකුත් මානුෂීය සංවිධාන රැසක්ද ඇෆ්ගනිස්ථානයේ සිය මෙහෙවර පිළිබඳව නැවත සළකා බලමින් සිටින බව වාර්තා සඳහන් කරයි.

ජර්මානු රජය සම්බන්ධයෙන් ගත්කල, ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට එරෙහි තලේබාන්වරුන්ගේ මෑත කාලීන මර්දනයෙන් පසුව, ඇෆ්ගනිස්ථානය සඳහා මූල්‍ය ආධාර අත්හිටුවීමට ජර්මනිය සැලසුම් කරමින් සිටින බව පෙනෙන්නට තිබෙන බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

“රාජ්‍ය නොවන සංවිධානවල කාන්තා කාර්ය මණ්ඩලයේ සේවය තහනම් කිරීම මගින් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගන් ජනතාවට ලබා දෙන ආධාරවලට එරෙහිව වගකීම් විරහිත පහරක් එල්ල කර ඇත” යනුවෙන් ජර්මානු සංවර්ධන ඇමැති ස්වෙන්ජා ශුල්ස්(Svenja Schulze )නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ජර්මානු ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන අමාත්‍යාංශය (BMZ) පෙන්වාදෙන ආකාරයට ඇෆ්ගනිස්ථානයට ජර්මනිය විසින් ලබාදී ඇති ආධාර ප්‍රමාණය යුරෝ මිලියන 430 ඉක්මවා ඇත. එය එක්සත් ජනපදයට පසුව ඇෆ්ගනිස්ථානයට දෙවන විශාලතම ආධාර තොගය ලබාදී ඇති රට වේ.

තලේබාන්වරුන් විසින් මෙම තහනම පනවා ඇත්තේ, ඔවුන් දැනටමත් කාන්තාවන් සඳහා විශ්ව විද්‍යාල අධ්‍යාපනය සහ ගැහැණු ළමයින් සඳහා ද්විතීයික පාසල් අධ්‍යාපනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමෙන් පසුවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles