Friday, April 19, 2024

පළමුව IMF යන්න – ඇමෙරිකාව පාකිස්ථානයට කියයි

රටට සහාය ලබාදීමට කැමැත්තෙන් පසුවන නමුත් පළමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩ කරන ලෙස එක්සත් ජනපදය පාකිස්ථානයට දැනුම්දී තිබේ.

න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ රටක් වුවද, පකිස්ථානය ප්‍රධාන ආර්ථික හා දේශපාලන අභියෝගවලට සහ ත්‍රස්තවාදී තර්ජනයකට මුහුණ දී සිටීම හේතුවෙන්, රට අසාර්ථක විය හැකියැයි එක්සත් ජනපදය කනස්සල්ලෙන් පසුවේ.

එක්සත් ජනපදය සහ පාකිස්තානය සමීප හවුල්කරුවන් බවත්, පාකිස්තානය ශක්තිමත් කිරීම සඳහා වොෂින්ටනය සිය කාර්යභාරය ඉටු කිරීමට සූදානම් බවත් එක්සත් ජනපය අවධාරණය කර ඇත.

“පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව තිරසාර වර්ධන මාවතකට යොමු වීමට කටයුතු කළ යුතුය” යැයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පසුගිය සතියේ පැවැති ජනමාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.

“මෙම මාවතේ දිගටම ගමන් කිරීමෙන් සහ අවශ්‍ය ආර්ථික තීරණ ගනිමින් පාකිස්තානයට ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ඇතිව, ඇත්ත වශයෙන්ම එක්සත් ජනපදයේ සහාය ඇතිව, තිරසාර වර්ධනයක් සඳහා මාවතකට යොමු විය හැකි බව අපි විශ්වාස කරමු. “ප්‍රයිස් මහතා පැහැදිලි කළේය.

“සාමකාමීව රැස්වීමේ අයිතිය ඇතුළු පුරවැසියන්ගේ විශ්වීය අයිතීන් තහවුරු කිරීමේ වැදගත්කම, ලොව පුරා සිටින පකිස්ථානය ඇතුළු අපගේ සගයන් සමඟ නිරන්තර සාකච්ඡාවේ මාතෘකාවක්” බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles