ඇමරිකාව කෝප වෙයි.

0
348
Solomon Islands Prime Minister Manasseh Sogavare addresses the 72nd United Nations General Assembly at U.N. headquarters in New York, U.S., September 22, 2017. REUTERS/Eduardo Munoz - RC17A89E2A70

පැසිෆික් දූපත් රාජ්‍යයක් වන සොලමන් දූපත් සහ චීනය අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව විසින් අනතුරු ඇගවීමක් සිදු කර තිබේ.

අප්‍රේල් 22 වනදා මෙම ආරක්ෂක ගිවිසුම අත්සන් කර ඇති අතර එමගින් දකුණු පැසිෆික් දූපත් සමූහයේ චීන නාවික කඳවුරකට දොර විවර කළ හැකි බවට එක්සත් ජනපදය සහ අසල්වැසි රටවල් බිය පළ කර ඇත.

මේ පසුබිම තුළ එක්සත් ජනපද නියෝජිත පිරිසක් හදිසියේම සොලමන් දූපත් වෙත ගොස්, එරට අගමැති මනස්සේ සොගවරේ ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

චීනය සමග අත්සන් තබන ලද ගිවිසුම අනුව යමින් මිලිටරි පැවැත්මක්,හමුදාව ස්ථාපනය කිරීමක් හෝ කලාපීය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ඕනෑම තත්වයකදී එක්සත් ජනපදය ප්‍රතිචාර දක්වනු ඇතැයි එම නියෝජිත පිරිස සොලමන් දූපත් නායකයන්ට පැවසූ බව විදෙස් වාර්තා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here