ඇෆ්ගනිස්ථානයේ අනාගතය ගැන හිට‍පු ජනපති කට අරියි.

0
500
Former Afghan President Hamid Karzai speaks during an interview to the Associated Press in Kabul, Afghanistan, Sunday, June 20, 2021. Karzai said the United States came to Afghanistan to fight extremism and bring stability to his war-tortured nation and is leaving nearly 20 years later having failed at both. (AP Photo/Rahmat Gul)

සියලු පාර්ශව ඒකාබද්ධ වූ ආණ්ඩුවක් පිහිටුවීම සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම ඇෆ්ගනිස්ථානුවන්ගේ කැමැත්ත බව එරට හිටපු ජනාධිපති හමීඩ් කර්සායි පවසයි.

ටොලෝ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී කර්සායි පවසා ඇත්තේ තමන් සහ ජාතික සංහිඳියාව සඳහා වූ ඉහළ කවුන්සිලයේ හිටපු සභාපති අබ්දුල්ලා අබ්දුල්ලා පාලකයන් වෙත ලිපියක් යවමින් මෙය අවධාරණය කර ඇති බවයි.

ඇෆ්ගනිස්ථානුවන් විදේශිකයන්ගෙන් යෝජනා එනතෙක් බලා නොසිට රටේ පවතින තත්වයන්ට විසඳුමක් සෙවිය යුතු බවත් දේශපාලන ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් වෙනුවෙන් දේශපාලන නායකයින් සමඟ සාකච්ඡා කළ යුතු බවත් ඔහු එහිදී සදහන් කර තිබේ.

සර්ව පාර්ශ්වික ආණ්ඩුවක් පිහිටුවීම සහ මානව හිමිකම් සහ කාන්තා අයිතීන් සහතික කිරීම ආදිය වත්මන් තලේබාන් ඇෆ්ගන් රජය පිළිගැනීම සලකා බැලීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ පූර්ව කොන්දේසි ද වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here