ඇෆ්ගන් කාන්තාවන් සිය රටේම පිටුවහලුන් බවට පත්වෙලා

0
289

තලේබාන් සංවිධානය විසින් පනවන ලද තහනම් නියෝග හේතුවෙන් ඇෆ්ගනිස්ථාන කාන්තාවන් අධ්‍යාපනය සම්බන්ධ අභියෝග සමඟ දිගටම පොරබදමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කර ඇත.

ගුටරෙස් මෑතකදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ යුද්ධයෙන් විනාශ වූ ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් ඔවුන්ගේම රටේ පිටුවහල්ව ජීවත් වන බවයි.

තලේබාන් බලධාරීන්ගේ අධ්‍යාපනය තහනම් කිරීම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ මූලික අයිතිවාසිකම් පාගාදමා ඇති බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා නැවත පෙන්වාදී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව ගුටරෙස් සිය කනස්සල්ල පළ කළ බවයි.

කෙසේ වෙතත්, තලේබාන් සංවිධානය එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ, ඇෆ්ගනිස්ථානයේ කාන්තා සහ ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් තහවුරු කර ඇති බවත්, ජාත්‍යන්තර ප්‍රජාව කාන්තා විෂය භාවිතා කරමින් වත්මන් පරිපාලනයට බලපෑම් කිරීමෙන් වැළකී සිටිය යුතු බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here