Saturday, April 27, 2024

ඖෂධවේදීන්ගේ වර්ජනයෙන් රෝහල් බෙහෙත් කවුළු වැසේ

රජයේ ඖෂධවේදීන් විසින් ඊයේ (01 දා) ක්‍රියාත්මක කරන ලද දීප ව්‍යාප්ත එක්‌දින සංකේත වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ සායන බෙහෙත් කවුළු වැසීගොස්‌ රෝගීන්ට බෙහෙත් නිකුත් කිරීම ඇනහිට තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම තත්ත්වය මත ඊයේ රජයේ රෝහල් බාහිර රෝගී අංශ සායනවලට පැමිණි රෝගීන් බෙහෙත් ලබා ගැනීමට නොහැකිවී අසීරුතාවට පත්වූ අතර රජයේ ඔසුසල් පවතින ප්‍රදේශවල රෝගීන්ට පමණක්‌ රාජ්‍ය ඖෂධ සංස්‌ථාව විසින් ඊයේ දිනයේ එම ඔසුසල් හරහා නොමිලයේ බෙහෙත් නිකුත් කිරීමට කටයුතු යොදා තිබූ බව පැවසේ.

රෝහල් වාට්‌ටුවල සාමාන්‍ය බෙහෙත් නිකුත් කිරීමත් වර්ජනය හේතුවෙන් සිදු නොවූ බවත් හදිසි සේවාවන් සඳහා සාමාන්‍ය පරිදි බෙහෙත් නිකුත් කළ බවත් රෝහල් අංශ පවසති.

කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය විසින් පවත්වාගෙන ගිය සායනික ඖෂධ විද්‍යාව හා චිකිත්සාව පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව නතර කර දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් කිහිප දෙනකු විසින් පියවර ගැනීමට එරෙහිව මෙම වර්ජනය දියත් කළ බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

මෙම වර්ජනයට මානුෂීය හේතූන් මත දිවයිනේ සියලු ළමා, මාතෘ, පිළිකා හා මානසික රෝහල්වල ඖෂධවේදීන් සහභාගි කර නොගත් බව පවසන ඖෂධවේදීන්ගේ සංගමය නතර කර ඇති සායනික ඖෂධ විද්‍යාව හා චිකිත්සාව පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව නැවත ඇරැඹීමට කටයුතු නොකරන්නේ නම් මෙම 15 හා 16 යන දෙදිනේ නැවත දීප ව්‍යාප්ත වර්ජනයක්‌ දියත් කරන බවද කියා සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles