Friday, April 26, 2024

කඳවුරු ඉවත් කරන්නේ නෑ-යුධ හමුදාපති

උතුරු නැඟෙනහිර ප්‍රදේශවල හමුදා කඳවුරු අවශ්‍ය ස්ථානවල ස්ථාපිත කර ඇත්තේ ජාතික ආරක්ෂාව උපරිමයෙන් පවත්වාගෙන යා යුතු නිසා බව පවසන යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාමහතා කිසිම‍ හේතුවක් මත එම කඳවුරු ඉවත් නොකරන බව ද අවධාරණය කළේය.

තවද යුද්ධය පැවැති ප්‍රදේශවල දැඩි සාමකාමී තත්ත්වයක් පවතින බව ද යුද්ධ හමුදාපතිවරයා පෙන්වා දුන්නේය. එම ප්‍රදේශවල ඇති ඇතැම් බිම් කොටස් නිදහස් කර එහි හිමිකරුවන්ට ලබාදී තිබෙනවා. ඒ හැර යුද්ධ හමුදා කඳවුරු ඉවත් නොකරන බවද හමුදාපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

ලබන 1 සහ 2 යන දිනවල පැවැත්වීමට නියමිත කොළඹ ආරක්ෂක සමුළුව මෙවර පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් හමුදාපතිවරයා එම කරුණු හෙළිදරව් කළේය.

මෙම සමුළුව ලබන 1 සහ 2 යන දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.

මේ සමුළුව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ ලංකාව ඉතා සාමකාමී රටක් යන්නත් එහි ප්‍රතිරූපයත් ලෝකයටම ඉදිරිපත් කිරීමයි. ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙරට ආරක්ෂක අංශ දැඩි කැපවීමකින් කටයුතු කරනවා. මෙම සමුළුවට එන නියෝජිතයන් තේරුම් ගනීවි මෙරට ඉතා සාමකාමී රටක් බව. ඒ අතර කලාපීය සාමය තහවුරු කර ගැනීම සඳහාත් මෙම සමුළුව හරහා විශාල සහයෝගයක් ලබාදෙනවා. මෙරට තුළ සාමය ජාතික ආරක්ෂාව තහවුරු කර සෑම පුරවැසියකුටම අප හමුදාවෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කර දෙනවා. අප යැපෙන්නේ මහජන මුදලින්. අප ඒ සඳහා අපේ යුතුකම් ඉෂ්ඨ කරදිය යුතුයි යැයිද හමුදාපතිවරයා කියයි.

‘මෘදු බලය සහ ගෝලීය ගැටලු කෙරෙහි එහි බලපෑම’ යන තේමාව යටතේ විදෙස් රටවල නියෝජිතයන් සමඟ අප අදහස් හුවමාරු කර ගැනීම සිදුවෙනවා. අප පෙන්වා දෙනවා මෙරට නිදහස, සාමය, ජාතික ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ දැඩි ‍කැපවීමකින් ක්‍රියාකරන බව යැයිද හමුදාපති ක්‍රිෂාන්තද සිල්වා මහතා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles