Saturday, April 27, 2024

ත්‍රි’මලය නංවන්න කාර්ය සාධන බළකායක්

සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජාතින් ජීවත්වන සංහිඳියාවේ කේන්ද්‍රස්ථානයක් වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් විශේෂ කාර්ය සාධන බළකායක් පත් කර අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කෙළේ ඊයේ (21) පෙරවරුවේ ත්‍රිකුණාමලය මැක්හේයිසර් ක්‍රිඩාංගණයේ පැවැති ත්‍රිකුණාමල දිස්ත්‍රික් පරිසර සමුළුව සහ “වන රෝපා “ජාතික රුක් රෝපණ වැඩ සටහනේ ජාතික උත්සවය අමතමිනි.

ඊයේට යෙදී තිබූ ජාතික රුක් රෝපණ දිනය නිමිත්තෙන් දිවයින පුරා ගිනිසීරියා පැළ බිලියනයක් සිටුවීමේ ජාතික වැඩසටහන ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දී ආරම්භ කෙරිණි.

ජනාධිපතිවරයා කන්තලේ වන රක්ෂිතයේ කළුවර පැලයක් සිටුවා රුක් රෝපණ වැඩසටහන සංකේතවත් කළ අතර ඒ හා සමගාමීව පාසල් දරුවන්, පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් හෙක්ටයාර් 2 ක පමණ භූමි භාගයක පැල 2000 ක් පමණ සිටුවීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක විය.

අනතුරුව පාසල් දරුවන් සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ පාසල්වල පවතින අඩු පාඩු පිළිබඳව ද විමසා බැලීය.

ඉන් අනතුරුව ජාතික පරිසර සමුළුවට එක් වූ ජනාධිපතිතුමා මෙසේ පැවසීය.

පරිසර විනාශය සමඟ සියලු මිනිසුන්ට ජීවත්වීම පිළිබඳව අභියෝගයකට මුහුණ දීමට සිදුවනවා.

වනාන්නර හෙළි කිරීම, පස් කඳු කැපීම, අනවසර වැලි ගොඩදැමීම ඇතුළු අපේ රටේ සිදුවන පරිසර විනාශය ඉදිරියට ද සිදු වුවහොත් රටේ සමස්ත ජනතාවටම බරපතළ අභියෝගයකට මුහුණදීමට සිදු වෙනවා. වනය විනාශ කරන්නන්ට එරෙහිව දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පියවර ගෙන ති‍බෙනවා.මෙරට ක්‍රියාත්මක වූ වන ඝණත්වය ඉදිරි වසර 3 තුළ 32‍ ක් දක්වා ඉහළ නැංවීම ආණ්ඩුවේ අරමුණයි.

පරිසර සංරක්ෂණය කෙරහි සුවිශේෂී දායකත්වයක් දැක්වූවන් ඇගයීම මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු විය.ආපදා සහන කටයුතු වෙනුවෙන් නැ‍‍ඟෙනහිර පළාතේ රාජ්‍ය සේවකයන් විශේෂ මුදල් ප්‍රදානයක් සිදු කළ අතර එම චෙක්පත නැ‍ඟෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

විපක්ෂනායක ආර්.සම්බන්ධන්, අැමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා, නියෝජ්‍ය අැමැතිවරුන් වන අනුරාධ ජයරත්න, සුසන්ත පුංචිනිලමේ, නැ‍ඟෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ප්‍රධාන ඇමැති නසීර් අහමඩ් යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරිහූ මීට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles