Friday, April 26, 2024

බේරුවල ගැන රාජිත, දයාසිරි කතා දෙකක්‌ කියති

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බේරුවල ආසනය තුළ එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌ව පොදු ලකුණකින් තරග කරන බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (01 දා) පැවති කැබිනට්‌ මාධ්‍ය හමුවේ පැවසූ අතර එහිදි ඊට පිළිතුරු ලෙසින් ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසුවේ බේරුවල ආසනය තුළ එක්‌සත් ජාතික පක්‍ෂය සමග එක්‌ව පොදු ලකුණකින් තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කිසිදු තීරණයක්‌ ගෙන නොමැති බවය.

බේරුවල පමණක්‌ නොව තවත් පළාත් පාලන බල ප්‍රදේශ කිහිපයකම මෙලෙස එක්‌ව තරග කිරීමට අදහස්‌ කර ඇති බවද ඒ පිළිබඳ සාකච්ඡාවන් සිදුවන බවද රාජිත සේනාරත්න ඇමැතිවරයා කියා සිටියේය.

බේරුවලට එක්‌ව තරග කිරීමට පක්‍ෂ දෙකේම සංවිධායකයන් කැමැත්ත පළ කරනු ඇතැයිද හෙතෙම කීය.

මෙලෙස එක්‌ව තරග කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂය සමග තරග කිරීමට ඇති බිය නිසා දැයි මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දුන් ඇමැතිවරයා මෙලෙස තරග කරන්නේ සමගිය පෙන්වීමට යෑයිද ඒකාබද්ධ විපක්‍ෂයට කිසිදු බියක්‌ නොමැති බවද හෙතෙම කියා සිටියේය.

සංවිධායකයන්ට පුද්ගලයන් ලෙස පුද්ගලික තීන්දු ගත හැකි නමුත් පක්‍ෂයක්‌ ලෙස මෙතෙක්‌ එවැනි කිසිදු තීරණයක්‌ ගෙන නොමැති බවද දයාසිරි ජයසේකර ඇමැතිවරයා එහිදී රාජිත සේනාරත්න ඇමැතිවරයා ඉදිරියේම කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles