Friday, April 26, 2024

විග්නේෂ්වරන් කුලප්පු වෙයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා උතුරේ සංචාරය කරනවිට නිරන්තරව ඔහු පිළිගැනීමට පැමිණෙන උතුරු මහඇමැති විග්නේෂ්වරන් මහතා පසුගිය සතියේ නම් රාජ්‍ය නායකයා පිළිගැනීමට පැමිණ සිටියේ නැත. විග්නේෂ්වරන් ජනපතිවරයා සමග උරණ වී සිටීද? දෙමළ සන්ධානය ජනපතිගේ උතුරේ සංචාරය වර්ජනය කිරීමේ තීරණය අනුව යමින් උතුරු මහ ඇමැතිවරයා හින්දු විද්‍යාලයේ පැවැති දෙමළ දින උත්සවයට නොපැමිණියේද? ත්‍රස්‌තවාදී සැකකරුවන් නිදහස්‌ නොකිරීම සම්බන්ධව උතුරු පළාත් සභාවම අමනාපයෙන්a සිටින බව පෙනේ. එහෙත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිදහස්‌ කිරීමට වගකිව යුතු ආණ්‌ඩුවකට හැකියාවක්‌ තිබේද?

දෙමළ සිරකරුවන්ගේ ප්‍රශ්නය කවරක්‌ වෙතත් උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා යළිත් දෙබරයකට ගල් ගසා ඇත. ඒ අනුරාධපුර බන්ධනාගාරයට නොවේ. මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් මේ හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ උතුරු නැගෙනහිර අනාගමික කළ යුතු බවයි. ලංකාව සම්පූර්ණ බෞද්ධ රාජ්‍යයක්‌ බව සිදුකරන ප්‍රකාශ තමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බවත් හෙතෙම අවධාරණය කරයි. ශ්‍රී ලංකාව සම්පූර්ණ සිංහල බෞද්ධ රටක්‌ යෑයි කරන ප්‍රකාශය ඉතිහාසය වැරදි ලෙස කියවීමක්‌ය යන්න උතුරු මහ ඇමැතිගේ අදහසය. 2013 දී මහඇමැති ධුරයට පත් වූ දා සිටම විග්නේශ්වරන් අනුගමනය කළේ උග්‍ර සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියකි. දෙමළුනි නැගිටිව් යනුවෙන් උද්ඝෝෂණ පැවැත්වූවේ ද හර්තාල සංවිධානය කළේද උතුරෙන් බුදු පිළිම ඉවත් කිරීම මෙන්ම හමුදාව ඉවත් කිරීම සඳහා ය. මේ ඉලක්‌ක සාර්ථක නොවීම නිසා මහ ඇමැතිවරයා යළිත් වරක්‌ සිය ජාතිවාදී ව්‍යාපාරය ආරම්භ කර ඇත. රටක විශේෂ පළාතක්‌ හෝ දෙකක්‌ පමණක්‌ අනාගමික කළ හැකිද? උතුරු නැගෙනහිරට පමණක්‌ විශේෂ නීති සම්මත කළ හැකිද? මේ ප්‍රදේශ අනාගමික කිරීමෙන් දෙමළ හින්දූන්ට යම් සාධාරණයක්‌ ඉටුවේද?

උතුර නැගෙනහිර පළාත්වල බහුතරය බෞද්ධයන් නොවන නිසාම ඒ පළාත් අනාගමික කළ හැකිද? එසේ නම් රටේ සෙසු පළාත්වල රාජ්‍ය ආගම බුද්ධාගම කළ හැකිද? මෙරට බෞද්ධයන් කිසි විටක බුද්ධාගම රාජ්‍ය ආගම කරන්නැයි ඉල්ලා නැත. නමුත් ඔවුන් රට අනාගමික කිරීමට බරපතළ ලෙස එරෙහිව වෙති. නව ව්‍යවස්‌ථාව හරහා රට අනාගමික කිරීමේ කුමන්ත්‍රණයක්‌ද සිදුවන බවට මෙරට බහුතරය තුළ සැකයක්‌ මතුව තිබේ. විග්නේෂ්වරන්ගේ නිවේදන හරහා තහවුරු වන්නේ එවන් සැක සංකාද?

දෙමළ භාෂාව කතා කරන ජනතාව පවා මෙරට බෞද්ධ රාජ්‍යයක්‌ වීම ගැන උරණ වන්නේ නැත. දෙමළ හින්දුන් හා බෞද්ධයන් අතර යහපත් සබඳතාවක්‌ පවතී. එසේ නම් විග්නේශ්වරන් මේ උත්සාහ කරන්නේ හින්දුන් හා බෞද්ධයන් අතර බෙදීමක්‌ ඇති කිරීම සඳහා දැයි පැහැදිලි නැත.

උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ උග්‍ර බෞද්ධ විරෝධය නිසා සංහිඳියාව දොaරේ ගලා යන බව නම් පැහැදිලිය. උතුරු නැගෙනහිර පළාත් අනාගමික කිරීමෙන් සංහිඳියාව ඇති කළ හැකිද? මෙරට සංහිඳියාව ආරක්‍ෂා වූයේ බෞද්ධ සංස්‌කෘතිය නිසාය. උතුරේ කඳවුරුවල වෙසෙන හමුදා සාමාජිකයන්ට වන්දනාමාන කිරීම සඳහා බුදු කුටියක්‌ ඉදි වුවද උතුරු මහ ඇමැතිවරයා එය දකින්නේ බලවත් සංස්‌කෘතික ආක්‍රමණයක්‌ ලෙසය.

නිහඬ බහුතරයට එරෙහිව උතුරු මහඇමැතිවරයා බරපතළ කුමන්ත්‍රණයක්‌ ආරම්භ කර ඇති බව පැහැදිලිය. උතුරු නැගෙනහිර පළාත් පුරාම බෞද්ධ පුරාවස්‌තු නටබුqන් සිද්ධස්‌ථාන විසිරී පැතිරී ඇත. මේවායේ පූජනීය උරුමය බෞද්ධයන්ට අහිමි කර ඒවා වාර්ගික ශුද්ධකරණයට ලක්‌ කිරීමට මහ ඇමැති උත්සාහ කරන්නේද? විග්නේෂ්වරන් මහතා බහුතර ආගමික අයිතියට අත තැබීම සංහිඳියාවට කිසිසේත් ම ගැලපෙන්නක්‌ නොවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles