Friday, April 26, 2024

කින්නියා පාලම් පාරු අනතුර සම්බන්ධයෙන් පාලමි පාරැ අයිතිකරැ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

කින්නියා පාලම් පාරු අනතුර සම්බන්ධ අදාළව පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාලම් පාරුවේ හිමිකරු  සහ ක්‍රියාකරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයින් දෙදෙනෙකුයි. කින්නියා පොලිසිය විසින් අද  (24)  දහවල් මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව පාලම් පාරු අනතුර සම්බන්ධයෙන් එහි අයිතිකරු,මුදල් අයකැමි සහ පාලම් පාරුව පැදවූ පුද්ගලයා කින්නියා පොලිසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

ත‍්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ කුරින්ජන්කේනි කලපුවේදී ඊයේ සිදු වූ මෙම ඛේදවාචකයෙන් බොහෝ පිරිසක් තුවාල ලබා තවත් පිරිසකට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු විය.

ඒ අනුව කුඩා දරුවන් සිව් දෙනකු ඇතුළු 06 දෙනෙක් මිය ගොස් තිබුණි.තවත් පුද්ගලයින් 04 දෙනෙක් අසාධ්‍යව රෝහල් ගතකර ඇති බව වාර්තා වෙයි.

මෙි අතර කින්නියා පාලම් පාරුවේ ඛේදවාචකයට වගකිව යුත්තන් කිහිපදෙනෙකු සිටින බවත් ඊයේ කින්නියා ජනතාවගේ ප්‍රහාරයට ලක්වූ එම්එස් තවුුෆීක් මන්ත්‍රීවරයා කළේ ජනතාවගේ ගමනාගමනයට පාලමක් සකස් කිරීමට මුල් ගල තැබීම පමණක් බව ද සිදුවූ ඛේදවාචකයට මුල්වී ඇත්තේ මහරුෆ් මන්ත්‍රීවරයාගේ මස්සිනාතේ එම පාලම් පාරුව ක්‍රියාත්මක කළ ඔහුගේ පාක්ෂික රියාස් නමැත්තා බවත්  මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අද(24) පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබූ අතර 
 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉම්රාන් මහරුෆ් මන්ත්‍රීවරයාගේ මස්සිනාවූ කින්නියා නගර සභාපතිවරයා මීට සෘජුවම වගකිව යුතුබව ඔහු කීය.


ඊට පිළිතුරු ලෙස මෙම සිදුවීම පිළිබඳව නැවත වෙනම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් පැවසීය.මන්ත්‍රීවරයා සඳහන් කළේ වරදක් සිදුවූවා නම් තමන්ගේ නෑදෑකම ඊට අදාළ නොවන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles