Friday, April 26, 2024

දීර්ඝ කප්පාදුවකට සූදානම් වන්න!

සැප්තැම්බර් 23 සිට 25 දක්වා පැය 2 විනාඩි 20 ක විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම(PUCSL) අනුමැතිය ලබා දී තිබේ. 

ඒ අනුව A – W දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට  දිවා කාලයේදී  පැය 1 සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20ක් ලෙස  විදුලිය කප්පාදු කරනු ඇති.

කඩිනමින් ගල් අඟුරු ආනයනය නොකළහොත් දෛනික විදුලි කප්පාදුව ලබන මාසයේ සිට පැය 8 ත් 10 ත් අතර කාලයක් දක්වා දීර්ඝ වනු ඇති බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනතුරු අගවනවා.

ඒ අනුව ගල් අඟුරු තොගයක් ආනයනය කිරීමට ඇණවුම් කිරීම සඳහා කටයුතු කළ යුතු අවසන් දිනය අද (23) දිනය බවයි කොමිසම පවසන්නේ එසේ නොවුණහොත් ඔක්තොම්බර් මස 28 වනදා සිට යළි දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුවීමේ අවධානම පවතින බව සභාපතිවරයා සඳහන් කළා.

දෛනික විදුලි කප්පාදුව අද සිට ලබන 25 වනදා දක්වා පැය දෙකයි විනාඩි විස්සක් සිදු කරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසූවේ. ඒ, මෙතෙක් ක්‍රියාත්මක වූ විදුලි කප්පාදු කාලය තවත් පැයකින් දීර්ඝ කරමින්.

ලබන 25 වනදා තෙක්  A සිට L සහ P සිට W දක්වා වන කලාප සදහා දහවල් කාලයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා. රාත්‍රී කාලයේ එම කලාප සදහා පැයයි මිනිත්තු විස්සක කාලයක් ද විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ. 

පැරණි ලක්ෂපාන බලාගාරයේ අදියර 1 ක්‍රියාත්මක නොවීම, වෙස්ට් කෝස්ට් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සදහා ඉන්ධන නොමැති වීම සහ විදුලි ඉල්ලුමේ හදිසි ඉහළ යාම මෙලෙස විදුලිය කප්පාදු කරන කාලසීමාව දීර්ඝ කිරීමට හේතු වූ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.    

විදුලි කප්පාදුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ වන විට යළි කතාබහක් මතුව ඇත්තේ විදුලි බිල වැඩිවීමට එරෙහිව ආගමික නායකයින් ඇතුළු විවිධ පාර්ශව දැඩි විරෝධයක් පළ කරමින් ඇති පසුබිමකයි. ඒ අතරින් ආගමික ස්ථානවල විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් මතුව ඇති කතාබහ ප්‍රධානයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles