වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ වැඩ තහනම් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.
විමර්ශන වාර්තාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නොයැවීම සම්බන්ධයෙන් හිටපු සහ වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගත යුතු බවත් කුරුණෑගල රෝහලේ සාක්ෂි රාජ්‍ය සේවා කොමිසමට යැවීමට කටයුතු නොකිරීම සම්බන්දයෙන් සෞඛ්‍ය බලධාරීන් වගකිවයුතු බවත් රතන හිමියෝ පැවසූහ.
වෛද්‍ය සාෆි සහබ්දීන් සම්බන්ධ නඩුව අවසන් වී නොමැතිව ඔහුට යලි වැටුප් ලබාදෙනු ලබන්නේ රාජ්‍ය සේවා කොමිසමට නිසි තොරතුරු වාර්තා නොවීමෙන් බවද උන්වහන්සේ පවසා සිටියා.
වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට එරෙහි සියලු චෝදනාවලින් ඔහු නිදහස් කර නොමැති බවද රතන හිමියෝ පැවසූහ.තවද මෙි නඩුව යට ගසන්නට දෙන්නේ නැති බවත් උන්වහන්සේ පවසා සිටී.
Genuineⅼy no matter if someone doesn’t know after that itѕ up to other peоple that they
will aѕsist, so here іt haρpens.