Friday, April 26, 2024

ඇමරිකාවටත් වැඩිය ඩොලර් තියෙන්නේ චීනෙලු – ඩිවි කියයි

ඇමරිකානු ඩොලර් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ චීනයේ බව රජයේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකාවේ කොමියුනිස් පක්ෂයේ හිටපු ලේකම් ඩී.ඊ.ඩබ්. ගුණසේකර මහතා පවසනවා.

ඒ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින්.

මුළු ලෝකයම මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බවත්භා ඇමරිකානු භාණ්ඩාගාරයෙත් ඩොලර් නොමැති වීම නිසා ඩොලර් මුද්‍රණය කරමින් සිටින බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිව් ගුණසේකර මහතා,

“නිදහසෙන් පස්සෙ අපි මුහුණ දෙන ගැඹුරුතම, ප්‍රබලතම, තීරණාත්මකම අර්බුදය මේ අවස්ථාවයි. මේ අර්බුදයේ පැතිකඩ තුනක් තිබෙනවා. එකක් තමයි ගෝලීය මූල්‍ය අර්බුදයක් තිබෙනවා. ආර්ථික අර්බුදයක් තිබෙනවා. ඒකෙ බලපෑම අපට එනවා. ඒක හින්දා බඩුමිල ඉහළ යනවා අපේ පාලනයෙන් බාහිරව. ජාත්‍යන්තර සාධක නිසා.

දෙවැනි අර්බුදය කෝවිඩ් – 19 ගෝලිය වසංගතය. දැන් ඒක මුළු ලෝකෙටම බලපාලා තියෙන්නෙ. ඉතිහාසයේ පළවෙනි වතාවට ලෝක ආර්ථිකය වහන්න සිද්ධ වුණා. වහන්න වුණායින් පස්සෙ නිෂ්පාදනයට බලපෑවා. ප්‍රවාහනයට බලපෑවා. නිෂ්පාදනය අඩුවෙනකොට මිල ඉහළ යනවා. ඒ වගේම මුළු ලෝකෙටම අද මූල්‍ය අර්බුදයකුත් තිබෙනවා. දැන් අපේ වගේම ඇමරිකන් භාණ්ඩාගාරයෙත් ඩොලර් නෑ. ඩොලර් අච්චු ගහනවා. දැන් ඊයෙත් ඇමරිකානු කොංග්‍රස් එකේදී ණය ගැනීමේ සීමාව ඉස්සුවා ණය ගන්න. දැන් මේවා අපේ ආර්ථික විද්‍යාඥයින්වත් පාර්ලිමේන්තුවේවත් අනාවරණය කරලා නෑ.

වැඩියෙන්ම ඇමරිකාව ණය අරන් තියෙන්නෙ චීනෙන්. බැඳුම්කර වලින්. ණය දෙන්න ඉදිරිපත් වෙන්නෙ චීනය. චීනෙට තමයි ලෝකෙන්ම වැඩිම සංචිතය තියෙන්නෙ. ඩොලර් ට්‍රිලියන 4.5ක් චීනයේ සංචිත තියෙනවා. නොම්බර 1 ලෝකෙන්. ඇමරිකාව ඉන්නෙ පස්වෙනි තැන වගේ. ඇමරිකන් ඩොලර් එක ලෝකෙන්ම වැඩිපුර තියෙන්නෙත් චීනයේ. මේ ශුද්ධ සත්‍යය ආණ්ඩුවෙ අය දන්නෙත් නෑ. විපක්ෂයෙ අය දන්නෙත් නෑ. දන්න ආර්ථික විද්‍යාඥයො කියන්නෙත් නෑ”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles