Saturday, April 27, 2024

හොරට පඩි ගන්න පිටකොටුවේ කෘෂි නිලධාරීන්!

කොළඹ පිටකොටුව ප්‍රදේශයේ රාජකාරී කරන කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් එම ප්‍රදේශයෙන් වහාම ස්ථාන මාරු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

කිසිදු බෝගයක් වගා නොකරන පිටකොටුව ප්‍රදේශයට කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් කුමටදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළා. ඒ, කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි.

දීර්ඝ කාලයක සිට අදාළ නිලධාරීන් එම ප්‍රදේශයේ රාජකාරී සිදු කරන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ. ඒ අනුව එම නිලධාරීන් වගා කෙරෙන ප්‍රදේශ සඳහා අනුයුක්ත කරන ලෙසටද අමාත්‍යවරයා වැඩිදුරටත් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙතෙක් කාලයක් කිසිදු සේවයක් නොකරමින් රජයෙන් වැටුප් ගැනීම කෙතරම් අපරාධයක්දැයි ජනතාව ප්‍රශ්න කර සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles