Friday, April 26, 2024

ෆේස්බුක් අයත් “මෙටා” සමාගම රුසියාව තුළ අන්තවාදී සංවිධානයක් ලෙස නම් කෙරේ

ෆේස්බුක් සමාජ ජාලය අයත් මව් සමාගම වන මෙටා අන්තවාදී සංවිධානයක් ලෙසට රුසියානු මාධ්‍ය විසින් හඳුන්වාදී තිබෙනවා.

ඒ, රුසියානු රජයට හා ජනතාවට එරෙහිව පැතිර යන පෝස්ට් ආදිය ඉවත් කිරීම මේටා සමාගම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.


ඒ අනුව මොස්කව් අධිකරණය විසින් දුන් නියෝගයට අනුව ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සේවාවන් දෙක තවදුරටත් රුසියාව තුළ තහනම් වෙි.

මේ අනුව මින් ඉදිරියට Meta ආයතනය හැඳින්වීමේදී අයි.එස්. සංවිධානය හැඳින්වෙන ආකාරයෙන්ම අන්තවාදී ව්‍යාපාරයක් ලෙස ප්‍රකාශ කල යුතු වනවා.

කෙසේවෙතත් මෙම තහනම් නියෝගය බලපැවැත්වෙන්නේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් සඳහා පමණක් වන අතර මෙටා සමාගම යටතේ පවතින වට්ස්ඇප් සමාජ ජාලයට කිසිදු අවහිරයක් එල්ල වන්නේ නැහැ.

එලෙස වට්ස්ඇප් සේවාව තහනම් කර නොමැති වීම විශේෂත්වයකි.

ඉන්ස්ටග්‍රෑම් හි රුසියාවට විරුද්ධව පළ කර ඇති අසත්‍ය පුවත් සහිත පෝස්ට් 4,600ක් පමණ හා රුසියාවට එරෙහි උද්ගෝෂණ සම්බන්ධව පල කර ඇති පෝස්ට් 1,800ක් පමණ ඉවත් කිරීම ඉන්ස්ටග්‍රෑම් සමාගම මෙලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles