Thursday, May 2, 2024

අගමැති ඇන්ට්වර්ප් වරායට

බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවර සිව් දින නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස 19වන දා සන්ධ්‍යාවේ ඇන්ට්වර්ප් වරාය සංකීර්ණය සහ දියමන්ති සැකසුම් හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස මුලින්ම පැමිණියේ ඇන්ට්වර්ප් වරාය සංකීර්ණය කිරීම සඳහායි. යුරෝපයේ දෙවන විශාලතම වරාය සංකීර්ණය වන ඇන්ට්වර්ප් වරායේ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා විමසිලිමත් විය. ඇන්ට්වර්ප් වරාය අධිකාරියේ සභාපති මෙන්ම ඇන්ට්වර්ප් නගරයේ උප නගරාධිපති මාර්ක් වන්ත් පේල් (Marc Van Peel) මහතා වරායේ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට දීර්ඝ ලෙස විස්තර කරනු ලැබීය.

ඇන්ට්වර්ප් වරායේ නිරීක්‍ෂණ චාරිකාවෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස පැමිණියේ වරාය සංකීර්ණය ආසන්නයේ පිහිටි  “ඇන්ට්වර්ප් ඩයමන්ඩ් පැවිලියන්” දියමන්ති සැකසුම් හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය වෙතයි. එම මධ්‍යස්ථානයේ නිමැවෙන පීකොක් නැමැති දියමන්ති ආභරණය සඳහා අවශ්‍ය මැණික් ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීම විශේෂත්වයකි.

මේ අවස්ථාවට සහභාගි වූ බෙල්ජියමේ ප්‍රමුඛ පෙළේ මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදකයෝ, ඉදිරියේ දී ශ්‍රී ලංකාවෙන් වැඩිපුර මැණික් ආනයනය කොට නිෂ්පාදන සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ද අග්‍රාමාත්‍යවරයා හමුවේ පැවසූහ.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රාපෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවන්ට එක්වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles