Friday, April 26, 2024

අතුරු අයවැය යෝජනා සියල්ල මෙතැනින්!

මෙතෙක් රටේ පැවැති ආර්ථික රටාව වෙනස් කිරීම සඳහා මූලික පදනම සකස් කිරීම මෙම සංශෝධිත අයවැයෙන් සිදු කෙරෙන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

නවීන ලෝකයට ගැළපෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සැලසීමේ මූලික පදනම මෙය වන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා. 

එහිදී යෝජනා කරනු ලබන නව යෝජනා පහත පරිදි වේ :

* 2021 දළ දේශීය නිෂ්පාදනයෙන් 8.2%ක්ව තිබු රාජ්‍ය ආදායම 2025 වනවිට 15%ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වේ.

* එකතු කළ අගය මත වන බද්ද සීයයට 12 සැප්තැම්බර්  මස 01 වෙනිදා සිට සීයයට 15 දක්වා වැඩි කෙරේ.
* පසුගිය කාල සීමාවේදී හඳුන්වා දුන් බදු යෝජනා රැසක් සැප්තැම්බර් මස 01 වෙනිදා සිට බලාත්මක කෙරේ.
* වයස අවුරුදු 18 ඉක්මවූ සියලුම දෙනා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය.
* රජයේ සහ අර්ධ රාජ්‍ය සේවකයින් විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා අඩු කෙරේ. දැනට සේවයේ නියුතු අවුරුදු 60 ට වැඩි රාජ්‍ය සේවකයින් දෙසැම්බර් 31 වෙනිදා විශ්‍රාම යා යුතුයි.

* රාජ්‍ය ආයතනවල ගොඩ ගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණයට රජයේ නිලධාරීන්ගෙන් සමන්විත කොමිටුවක් පත්කරනවා.

* නව මහ බැංකු පනත ක්‍රියාත්මක කිරීම.

*කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනයට නව තාක්ෂණය යොදාගැනීම හා තරුණ පරපුර කෘෂිකර්මාන්තයට යොදාගැනීමට පියවර‍.

*රැකියා විරහිත කණ්ඩායම් වෙත අක්කර 20ක ඉඩම් ලබාදීමට පියවර.

*දේශීය කිරි නිෂ්පාදනය වැඩිකිරීමට පියවර.

* වසර 25කට අදාළ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කිරීම.

* විදෙස් ආයෝජන සම්බන්ධයෙන් අප මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති යහපත් නෑ.

* අදායම් වැඩිකිරීමට නව යෝජනා 2023 අයවැයට ඉදිරිපත් කරනවා.

* ආරක්ෂක උපාය මාර්ග සංශෝධනය සඳහා යෝජනා කරනවා.

* ඉදිරියේදී රාජ්‍ය සේවය සඳහා පොසිල ඉන්ධන මත ධාවනය වන වාහන මිලදී නොගනු ලබන අතර ඉලෙක්ට්‍රොනික වාහන පමණක් මිලදී ගැනීමට තීරණය කර ඇත.

*හිඟයකින් තොරව ගෑස් ලබාදෙනවා.

* ඉදිරියේදී පොහොර ලබාදීම තුලින් වී ගොවිතැන තවත් වැඩි දියුණු කිරීමට හැකිවනු ඇති බවත්, පාරිභෝගිකයාට අවම මිලකට සහල් මිලදී ගැනීමට හැකිවනු ඇත.

* පොහොර මිල ඉදිරියේදී අඩු කරනවා.

*භූමිතෙල් අර්බුදයෙන් පීඩාවට පත් ධීවරයින්ට සහනාධාර ලබාදීමට කටයුතු කරනවා.

*වැඩිහිටි, ආබාධිත පුද්ගලයින් සඳහා රු 5,000ත් 7,500ත් අතර දීමනාවක්.

* සංචාරක කේෂ්ත්‍රය වැඩි දියුණු කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීම යෝජනා කෙරේ. එමෙන්ම 2023 වසර තුලදී සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා කටයුතු සිදුකිරීමට අවශ්‍ය යෝජනා මාසයක් කාලය ඇතුලත මෙම පංච පුද්ගල කමිටුව හරහා වාර්තාවක් කැඳවේ. ඒ සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කෙරේ.

*  විදේශ සිසුන් වෙත අධ්‍යාපන අවස්ථා විවෘත කර තිබෙනවා.ශ්‍රී ලංකාව ද විශ්ව විදේශ සිසුන් මෙත අධ්‍යාපන මහා දීම සඳහා පෞද්ගලික අධ්‍යාපන ආයතන දිරි ගැන්විය යුතුයි.

* කොතලාවල විශ්ව විද්‍යාලයේ ශාඛාවක් කුරුනෑගල පිහිටුවීමට යෝජනා කෙරේ.

* අඩු අදායම් ලාභී පවුල් සඳහා ඉදිරි මාස 04ක කාලයක් සඳහා මාසිකව රු.10,000 ලබාදීමට යෝජනා කෙරේ.

* රාජ්‍ය සතු ආයතනය ප්‍රතිව්‍යුහගත කරණය කිරීම සඳහා නව ආයතනයක් පිහිටුවේ. ඒ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles