Friday, May 3, 2024

අද කොරෝනා මරණ 5 යි : ආසාදිතයන් 975 යි

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු අද (9 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
 
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 370 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස අතර සහ පිරිමි තිදෙනෙක් සහ කාන්තා‍ෙවෝ දෙදෙනෙක් වෙති.

මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 404 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 21.40 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 975 කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles