Saturday, May 18, 2024

අද සිට කිසිඳු ප්‍රදේශයක විදුලිය කපන්නේ නැහැ – විදුලිබල අමාත්‍යාංශයෙන් නිවෙිදනයක්

අද (10) සිට දිවයිනේ කිසිඳු ප්‍රදේශයක ඉහළ විදුලි ඉල්ලුමක් පවතින කාලයේ දී විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව විදුලි බල අමාත්‍යාංශය පවසනවා.

සවස 6 ත් රාත්‍රි 9.30 ත් අතර කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක උපරිමයකට යටත්ව විදුලි සැපයීම අත්හිටුවීමට තීරණය කෙරුණේ, පසුගිය 04 වනදායි.

පසුගියදා අක්‍රිය වූ නොරොච්චෝලේ 2 වැනි සහ 3වැනි විදුලි උත්පාදනාගාර නැවතත් සුපුරුදු පරිදි ජාතික විදුලි පද්ධතියට එක්කර තිබේ.

ඒ අනුව අද (10) සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව එම අමාත්‍යංශය පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles