Sunday, April 28, 2024

අම්මලාගේ විභාගය ලේසි කරයි!

ලබන වසරේ සිට අධ්‍යාපන ක්‍රමයේ සිදුකෙරෙන ප්‍රධාන වෙනස්කම් යටතේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය දැනට පවත්නා තත්වයට වඩා සරල කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව සිසුන්ගේ සාක්ෂර හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට ප්‍රමුඛතාව ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ.

2023 වර්ෂයේ පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ලකුණු ලබාගත් සිසුන් සහ 2022 වර්ෂයේ පවත්වන ලද සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට ඉහළම ලකුණු ලබාගත් සිසුන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයෙහි පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ඉදිරියේ දී  විභාගවලින් ලකුණු  සියයට සියයක් ගැනීම මත පමණක් සිසුන් ඇගයීම සිදු නොකරන බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එහිදී කියා සිටියේ.

සිසුන් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගන්නා ලකුණු මෙන්ම 4, 5 ශ්‍රේණි දෙක තුළ පන්ති කාමරයේ දී සිදුකරන ඇගයීම්වලින් සියයට 30 ක් ලකුණු ලබාගත යුතු බවත්, මේ සඳහා සිසුන්ගේ අඛණ්ඩ පාසල් පැමිණීම පවත්වා ගත යුතු බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
(නෙත් නිව්ස්)

Related Articles

Latest Articles