Saturday, April 27, 2024

IMF ‘දෙක‘ වැටෙයි….!

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට දෙවන වාරිකය ලබාදීමට අනුමත කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. අදිෂ්ඨානය සහ සැලසුම් මත රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට තමන් පෙරමුණ ගත් බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය හිමිව ඇති බව එම අරමුදල පවසනවා.

එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹ ඇති මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ (12) රැස්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සිදුකර ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බවයි එම අරමුදල සඳහන් කරන්නේ.

පසුගිය ජුලි මාසය වන විට ශ්‍රී ලංකාව විසින් එක් නිර්නායකයක් හැර සෙසු සියලු ඉලක්ක සපුරා ඇති අතර ඔක්තෝම්බර් මාසය අවසානය වනවිට එම ඉලක්කයන් ද සපුරාලීමට හෝ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබූ බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

එසේම ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීනයේ අපනයන – ආනයන බැංකුව සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය ගිවිසුම විස්තීරණ අරමුදල් පහසුකමෙහි ඉලක්කවලට අනුකූල බවද එම අරමුදල සඳහන් කර තිබෙනවා.

Related Articles

Latest Articles