Wednesday, May 8, 2024

අලි සබ්‍රීගේ කාති නීති වෙනස් කිරීමට එරහිව උලමාවරැ එරෙහි වෙති

මුස්ලිම් විවාහ දික්කසාද නීති සංශෝධනයට අදාලව කාති උසාවි ක්‍රමය සහ බහු විවාහය අහෝසි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී ඇති යෝජනාවලට අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි හා සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක් වෙමින් සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය සිය විරෝධය පල කර ඇතැයි වාර්තා වේ.
විවාහවන වයස අවුරුදු 18 වීම, විවාහය ලියාපදිංචිය අනිවාර්ය කිරීම, ඊට කාන්තාවගේ ද අත්සන ලබා ගැනීම, කාති ක්‍රමය අහෝසි කිරීම, බහු විවාහය අහෝසි කිරීම, කාතිවරුන් ලෙස කාන්තාවන්ට ද පත්වීමට අවස්ථාව සැලසීම යන යෝජනා මේ වනවිට මුස්ලිම් විවාහ දික්කසාද නීතිය සංශෝධනයට අදාලව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වී තිබේ.
කෙසේවුවද, සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය විවාහ විය යුතු වසය අවුරුදු 18ක් ලෙස වූ යෝජනාවට විවාහ අපේක්ෂිත තරුණියගේ කැමැත්ත සහ අධිකරණයේ අවසරය මත වයස අවුරුදු 16 -18 අතර ලෙස සංශෝධනය කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.
විවාහය ලියාපදිංචියේ දී තරුණියට අත්සන් කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධව එකඟතාවය පල කර ඇතත් භාරකරුගේ අත්සන අනිවාර්ය කිරිමට ද යෝජනා ඉදිරිපත් වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles