අලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදෙන්න සැරසෙයි

0
306

එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

එරට ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ මේ වනවිට පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිය පවුලේ සාමාජිකයින්ගෙන් දීර්ඝ කාලයක් ඈත්ව සිටීමට සිදුවීම අලීගේ එම තීරණයට හේතු වී ඇති බවයි.

තවමත් 34 වැනි වියේ පසුවන මොයින් අලී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 64ක් ක්‍රීඩා කරමින් ලකුණු 2914ක් රැස් කරගෙන තිබෙනවා.

දකුණතින් ඕෆ්බ්‍රේක් පන්දු යවන්නෙකු වන මොහු ටෙස්ට් පිටියේ බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 195ක්.

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත අළුබඳුන තරගාවලිය පෙනෙන මානයේ තිබිය දී මොයින් අලී ගත් මෙම තීරණය සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනෙකු පුදුමට පත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here