Saturday, April 27, 2024

ඇමරිකාවේ නිෂ්පාදිත සන්නිවේදන පෙට්ටියක් මන්නරම් යුදහමුදා කඳවුරක් ආසන්නයට ගසාගෙන එයි

මන්නාරම යුද හමුදා කඳවුර ආසන්නයේ පිහිටි මුහුදු වෙරළට සන්නිවේදන උපකරණ සහිත පෙට්ටියක් ඊයේ (20) සවස ගොඩගසා තිබියදී සොයාගත් බව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

මන්නාරම සවුත්බාර් යුදහමුදා කඳවුර ආසන්නයේ පිහිටි මුහුදු වෙරළට හඳුනානොගත් සන්නිවේදන පෙට්ටියක් ගොඩගසා ඇති බව ප්‍රදේශයේ ධීවරයෙකු දැක ඒ පිළිබඳව ආරක්ෂක අංශවලට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව එම ස්ථානයට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව පැමිණ අදාළ සන්නිවේදන පෙට්ටිය පරික්ෂා කිරීමට පියවර ගත්තා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන් විසින් අදාළ පෙට්ටිය පරික්ෂා කිරීමෙන් පසුව අනාවරණය වී ඇත්තේ, එය බියවිය යුතු අන්දමේ කිසිවක් නොමැති අතර, කාලගුණික විපර්යාසයන්හි වෙනස්වීම් සහ කාලගුණික තත්ත්වයන් පරික්ෂා කිරීම් සඳහා යොදාගත් එකක් බවට සැක කරන බවයි.

එම උපකරණය මුහුදට නොයන අයුරින් සෘජිෆෝම් පෙට්ටියකට සවිකොට ඇති අතර, එය කවුරුන් විසින් මුහුදට දැමුවේ දැයි, යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

බොහෝ සෙයින් මෙම පෙට්ටිය නැව්වලින් දමන්නට ඇති බවට ද එම උපකරණය ඇමරිකාවේ නිෂ්පාදනයක් බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළා.

නමුත් උපකරණය මේ වන විට දැඩි අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් දවස් කිහිපයක් මුහුදේ පාවීම නිසා මෙලෙස උපකරණයට හානි සිදු වන්නට ඇතැයි ද ඒ පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදු කරන බව ද මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles