Saturday, May 18, 2024

ඇවන්ට් ගාර්ඩ් සභාපති මට මතක නෑ – ජනපති

ජනවාරි 9 වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු තමන්ට සුබ පැතීමට පැමිණි පිරිස අතර ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සිටි බවක් තමන්ගේ මතකයේ නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියි.

ඊයේ (21) රාත්‍රී සියළුම මාධ්‍ය ඉලක්ක කරගෙන පැවති පශ්චාත් අයවැය සාකච්ඡාවේදී උපුල් ශාන්ත සන්නස්ගල නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනපතිවරයා කියා සිටියේ ජනවාරි 9 ජයග්‍රහණයෙන් පසු තමන් පදිංචිව සිටි විජේරාම නිවසට අතිවිශාල පිරිසක් පැමිණි අතර ඒ සෑම දෙනෙක්ම පාහේ තමන්ට සුබ පැතූ බවත් ඒ අතර ඇවන්ට් ගාර්ඩ් සභාපතිවරයා සිටීබව තමන්ට හරියටම මතක නැති බවය.

ඇතැම්විට සේනාධිපති මහතා එසේ පැමිණෙන්නට ඇති බවත්, නමුත් තමන්ට එය මතක තබාගැනීමට හැකිවෙන්නට නම් තමන්ගේ මනස ආශ්චර්යමත් විය යුතු බවද ජනපතිවරයා පැවසීය.

සභාපති මල්ලිගේ පඩිය

එසේම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති පදවියට පත්වූ ජනපතිවරයාගේ බාල සොහොයුරා ඉතා විශාල ප්‍රමාණයකින් තමන්ගේ වැටුප වැඩි කරගැනීම සම්බන්ධව විමසා සිටියා.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ තමන් දන්නා පරිදි එය අමූලික බොරුවක් බවත්, ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ යම්කිසි ගැටුමක් ඇතිවූ බවත් ඒ අවස්ථාවේ තමන්ගේ සොහොයුරා සම්බන්ධයෙන් එවැනි අසත්‍ය තොරතුරක් හුවමාරුවූ බවයි.

කෙසේ වෙතත් තමන්ගේ සොහොයුරා ලබන්නේ කලින් සිටි සභාපතිවරයා ලද වැටුප පමණක් බව ජනපතිවරයා කියා සිටියි.

(ජනරඟ දේවසුරේන්ද්‍ර)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles