Sunday, May 19, 2024

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඉහලට ඔසවා තැබූ ලොව හොඳම 20/20 නායකයා අෂ්ගාර් ඇෆ්ගන්

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ හිටපු නායක අෂ්ගාර් ඇෆ්ගන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදුනි. ඒ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (31දා) නැමීබියාව සමගින් පැවැත්වෙන තරගයෙන් අනතුරුවය. තරගාවලියේ ඉන්දියාව හා නවසීලන්තය සමගින් පැවැත්වීමට නියමිත තරග ඉතිරිව තිබියදීම අෂ්ගාර් මෙලෙසින් ක්‍රීඩාවෙන් සමුගැනීම විශේෂත්වයකි.

ඔහු ඊයේ ක්‍රීඩා කළේ කිරිමට නියමිත 75 වැනි විස්සයි විස්ස තරගයටයි.

2009 වර්ෂයේදී අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පා තැබූ ඇෆ්ගන් ටෙස්ට් තරග 6 කට හා එක්දින තරග 115 කට සිය දායකත්වය ලබා දී ඇත. එහිදී ඔහු පිතිකරුවෙකු ලෙසින් අන්තර්ජාතික ලකුනු 4200 කට අධික සංඛ්‍යාවක් රැස් කරගෙන ඇත.

ඇෆ්ගනිස්ථානයේ පළමු ටෙස්ට් නායකයා වීමේ බිඳ හෙලිය නොහැකි වාර්තාවක්ද තමන් සතු කර ගත් ඇෆ්ගන් ඇෆ්ගනිස්ථානයේ වත්මන් ක්‍රිකට් සාර්ථකත්වයට ප්‍රධාන සාධකයක්ද වූ බව නොරහසකි. ඇෆ්ගනිස්ථානයෙන් මේ දක්වා බිහිවූ සාර්ථකම ක්‍රිකට් නායකයාද වන ඇෆ්ගාන් නායකයෙකු ලෙසින් ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 අංශ ත්‍රිත්වයේදීම ජයග්‍රහණ ප්‍රතිශතය සියයට 50 කට වඩා පවත්වා ගැනීමට සමත්ව ඇත.

එහිදී පන්දුවාර 20 අංශයෙන් වඩාත්ම කැපී පෙණෙන ජයග්‍රහණ සාමාන්‍යයක් පවත්වා ගෙන ඇති ඇෆ්ගන් මෙහෙයවූ තරග 52 න් 42 ක්ම ජයග්‍රහණයක් කරා මෙහෙයවීමට සමත්ව ඇත. ප්‍රතිශතයක් ලෙසින් සියයට 81.73 ක් වන එය ලොව හොඳම විස්සයි විස්ස නායකයින් ලෙසින් හැඳින්වෙන ඉන්දියාවේ විරාත් කෝලි (63.63), එම්.එස් දෝනි (59.28) හා පාකිස්ථානයේ සෆ්‍රාස් අහ්මඩ් (78.37) ද අභිබවූ අගයක් වීම විශේෂත්වයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles