Tuesday, May 7, 2024

ඇෆ්ගනිස්තානයට ලකුණු 62 ක ජයක්

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ විසි හත්වන ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය අද දිනයේ දී සමත් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්තානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඇෆ්ගනිස්තානය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 160කි. මොහොමඩ් ෂාශාඩ්, හසරතුල්ලා ශාශායි සහ මොහොමඩ් නබී පිළිවෙලින් ලකුණු 45(33), 33(27), 32*(17)ක් රැස් කර ගන්නා ලදී. පන්දු යැවීමේ දී නිකෝල් ලොෆ්ටි-ඊටොන් පන්දුවාර 4 අවසානයේ ලකුණු 21ට කඩුලු 2ක් දවා ගන්නා ලදී.

161ක ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි නැමීබියා ක්‍රීඩකයින් පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 98ක් ලබා තරඟය පරාජයට පත්විය. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ හමීඩ් හසාන් පන්දුවාර 4 අවසානයේ ලකුණු 9ට කඩුලු 3ක් දවා ගන්නා ලදී. නවීන්-අල්-හක් පන්දුවාර 4 අවසානයේ ලකුණු 26ට කඩුලු 3ක් දවා ගන්නා ලදී.

තරඟයේ වීරයා නවීන්-අල්-හක්. ඔහුට හිමී වූ තරඟයේ වීරයා සම්මානය අද දින ක්‍රිකට් දිවියෙන් සමුගන්නා හිටපු නායක අස්ගාර් ඇෆ්ගන් ට ලබා දෙන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles