Thursday, May 9, 2024

‘ඉටුකම’ වැසේ!

ඉටුකම  “කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වසා දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ජනාධිපති කාර්යාලය පවසයි.

 “කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යනු ලැබූ අංක 85737373 දරණ නිල බැංකු ගිණුම 2022 ඔක්තෝබර් මස 18 වන දිනෙන් පසු ක්‍රියාත්මක නොවන බව කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ලේකම් ආචාර්ය තාරක ලියනපතිරන මහතා සඳහන් කළේය. 

එබැවින් ඒ සඳහා මුදල් බැර නොකරන ලෙසත්, එම ගිණුමට බැර කිරීම සඳහා තවදුරටත් චෙක්පත් හා මුදල් ජනාධිපති කාර්යාලය වෙත යොමු නොකරන ලෙසත් පරිත්‍යාගශීලින්ට දැනුම් දෙයි.

ඉතිරි මුදල් සියල්ල ජනාධිපති අරමුදල වෙත බැර කර ඇති බව වාර්තා වේ.

කොවිඩ් අරමුදල සඳහා රුපියල් දෙසිය විසිකෝටි හැත්තෑ එක් ලක්ෂ හැට හතරදහස් හත්සිය අසූ පහයි ශත පනස් අටක් (රු. 2,207,164,785.58 ) පරිත්‍යාගශීලීන්ගෙන් මෙම ගිණුමට ලැබී ඇත.

පී සී ආර් පරීක්ෂණ,  දැනුවත් කිරීමේ වැඩසටහන්,  නිරෝධායන කටයුතු සඳහා පහසුකම් සැපයීමට, ජාතික එන්නත්කරණ වැඩසටහන, දැඩි සත්කාර ඒකක සඳහා ඇදන් මිලදී ගැනීම සහ ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන්  රුපියල් එකසිය අනූ නව කෝටි හැත්තෑ පන් ලක්ෂ හැටනවදහස් හාරසිය පනස් හයයි ශත පනස් හයක් (රු. 1,997,569,456.56) මෙම අරමුදලේ මුදල්  වැය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles