Friday, May 17, 2024

ඉදිරි පැය කිහිපය තුළ රුසියා හමුදා කිව් අගනුවරට ඇතුළු වනු ඇතැයි ඇමරිකානු බුද්ධි අංශ පෙන්වා දෙයි

රුසියානු හමුදා ඉදිරි පැය 24ත් 96ත් අතර කාලයේ යුක්‍රේනයේ කිව් අග නගරය ආක්‍රමණය කරනු ඇතැයි ඇමරිකානු බුද්ධි අංශ චන්ද්‍රිකා දර්ශන විමර්ශනය කරමින් පවසා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. යුක්රේන හමුදා මේ යුද රථ පෙළට වරින් වර ප්‍රහාර ද එල්ල කර ඇති අතර, ඇතැම් ඒවා විනාශ කිරීමට ද සමත් වී තිබේ. නගරය වට කර තිබෙන යුද රථ ඇණිය ඇන්ටනෝව් ගුවන් තොටුපොළට සමීපව සිටින අතර, ඇතැම් යුද රථ අසල වනාන්තරවලට ද යමින් සහ එමින් සිටින බව ද අමෙරිකා නිරීක්ෂණ ආයතනයක් වන මැක්සාර් පවසයි.

ඇතැම් යුද රථ ලුබ්යැන්කා නගරය වෙත ගමන් කරමින් කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට ස්ථාන ගත වෙමින් පවතින්නේ යැයි ද වැඩි දුරටත් වාර්තා වේ. මේ හමුදා නගරය පිටත මීට සතියකට පමණ පෙර ස්ථානගතව සිටියත් ආහාර සහ ඉන්ධන හිඟයක් පැවති නිසා ප්‍රහාරාත්මක පියවරක් නොගත් බව වැඩි දුරටත් වාර්තා වේ.

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් රුසියා – යුක්‍රේන යුද්ධයේ නවතම බුද්ධි අංශ වාර්තාව නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ රුසියානු හමුදා බලඇණි මේ වන විට යුක්‍රේ්න අගනුවර මධ්‍යයේ සිට කිලෝ මීටර් 25ක දුරකින් සිටින බවයි.

කිලෝ මීටර් 40කට ආසන්න දිගකින් යුක්ත වූ රුසියානු හමුදා රථ පෙළ මේ වන විට විසිරුවා හැර ඇති බවත් රුසියාව බොහෝ විට කියෙව් අගනුවර වට කිරීමේ උත්සාහයක නිරතව සිටින බවත් එම වාර්තාවේ සඳහන් වෙනවා.

මෙය යුක්‍රේන හමුදාවන් විසින් රුසියානු හමුදාවන්ට කරන ලද දැඩි හානිවලින් හා ප්‍රතිප්‍රහාරවලින් වැළැක්වීම සඳහා කරන ලද සැලැසුමක් විය හැකි බවටද බ්‍රිතාන්‍ය බුද්ධි අංශ සැක පළ කරනවා.

ඛාකිව්, මරියූපෝල්, සූමි, චර්නිහිව් යන නගරයන් ද රුසියානු හමුදාවන් මෙලෙස වට කර ඇති අතර එම නගරයන්ට රුසියාව විසින් දැඩි ෂෙල් ප්‍රහාරයන් දියත් කරමින් සිටින බවත් වාර්තා වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles