Friday, May 17, 2024

කළු මුහුදේ සහ අසෝව් මුහුදේ සිරවී සිටින වෙළෙඳ නැව්‍වලට පහර දීම වැළැක්වීමට සමුද්‍ර කොරිඩෝවක්

කළු මුහුදේ සහ අසෝව් මුහුදේ සිරවී සිටින වෙළෙඳ නැව් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට පහරදීමේ අවදානමකින් තොරව යාත්‍රා කිරීමට හැකි වන පරිදි ආරක්ෂිත සමුද්‍ර කොරිඩෝවක් නිර්මාණය කිරීමට එක්සත් ජාතීන්ගේ නැව් ඒජන්සිය උත්සාහ කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

ඒ ඊයේ (11) දිනයේ දී යි.

රුසියාවේ – මොස්කව් අගනුවර සිට “විශේෂ මෙහෙයුමක්” පෙබරවාරි 24 වන දින යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව විසින් ඇරඹූ අතර, ඒ සඳහා සියලුම වෙළෙඳ නැව් ගමන් කරන මුහුදු කලාපවල මාර්ගයන් ද සීමා කරනු ලැබුවා.

යුක්රේන නාවික නිලධාරීන් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ සටන්, මේ හේතුවෙන් විදේශීය ධජ සහිත යාත්‍රා 100ක් සහ නාවිකයින් සිය ගණනක් යුක්‍රේන වරායවල අතරමං වූ බවයි.

ඊයේ (11) රුසියානු ගුවන් ප්‍රහාර මගින් යුක්රේනයේ තවත් නගර කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වුණා.

මොස්කව් නුවර සිට සියලුම හමුදා ප්‍රහාර තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත කිරීමට රුසියාව සූදානම් බව ද වාර්තා වනවා.

මේ බව නව චන්ද්‍රිකා ඡායාරූප මගින් හෙළිව ඇති අතර, යුක්‍රේනයේ කිව් අගනුවර වෙත ළඟා වන විශාල රුසියානු රථ පෙළක් නගරයෙන් පිටත නගර සහ ඇතුළත රැඳවීමටත් පියවර ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රිය වනවිට යුක්‍රේනයේ කිව් නුවර අවට යළිත් රුසියානු හමුදා පැමිණෙමින් වටලා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යුද්ධයේ උපායමාර්ගික සන්ධිස්ථානයකට යුක්රේනය පැමිණ සිටින බව එරට ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.

ඒ, රුසියානු හමුදා කීව් අගනුවර අත්පත් කර ගැනීම සඳහා නැවත සංවිධාන වෙමින් සිටින බව අනාවරණ වීමත් සමඟයි.

චන්ද්‍රිකා ඡායාරූපවලින් ඊයේ තහවුරු කළේ රුසියානු හමුදා දිසා කිහිපයකින් අගනුවර වටකර එය අත්පත් කරගැනීමට සූදානම් වන බවයි.

අගනුවර රෝහලකට සහ පාසල් රැසකට ද රුසියානු ප්‍රහාරවලින් හානි සිදුව ඇති බව යුක්රේන බලධාරින් ප්‍රකාශ කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles