Tuesday, May 14, 2024

ඉදිරි වසර පහේ අලුත් බදු නෑ – ආචාර්ය පී.බී. ජයසුන්දර

ඉදිරි වසර පහක කාලය තුළ මෙරට අලුත් බදු පනවන්නේ නැති බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය. 

“කලම්බු ඩිවලොප්මන්ට් සිම්පෝසියම්” හිදී සභාව අමතා කතාකළ ආචාර්ය ජයසුන්දර මේ බව අවධාරණය කර තිබිණි.
ඔහු ප්‍රකාශ කරන ආකාරයට ඉදිරි වසර පහ තුළ වැට් බද්ද 8%ක සීමාවේම පවතිනු ඇත. ආදායම් බද්දද දැනට පවත්නා බදු අනුපාතවලට පවත්වාගෙන යෑමට තින්දු කර තිබේ. එසේම කිසිදු නව බද්දක් හඳුන්වාදීමේ අදහසක් නැතැයිද ඔහු මෙහිදී අවධාරණය කළේය.

පසුගිය කාලයේ පැවති රජයන් විසින් අත්සන් කරන ලද රටට අහිතකර විදේශ ආධාර ලබන ව්‍යාපෘති ගණනාවක් අහෝසි කර ඇත්තේ ඒවා රටට ඵලදායී නොවන නිසාය. එහෙත් රජයට ලබාගත් ණය ගෙවීමේ කිසිදු අර්බුදයක් නැත. එසේම කොරෝනා වසංගතය මර්දනයෙන් පසු ආර්ථිකය වර්ධනය කිරීම පිණිස නව ආදායම් මාර්ග සොයාගැනීමට හැකියාව ඇති බවද ජනාධිපති ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles