Sunday, May 19, 2024

ඉන්දික කිරිවන්දෙණිය ජීවිත රක්ෂණ අංශයේ වසරේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස සම්මාන ලබයි

සුප‍්‍රකට අන්තර්ජාතික ව්‍යාපාර සඟරාව (International Business Magazine) මඟින් 2021 සඳහා ජීවිත රක්ෂණ අංශයේ ශ‍්‍රී ලංකාවේ වසරේ ප‍්‍රධාන විධායක නිලධාරියා (Life Insurance CEO
 of the Year 2021)  ලෙසසණස ලයිෆ් ඉන්ෂුවරන්ස්හි ප‍්‍රධාන විධායක නිලධාරි ඉන්දික කිරිවන්දෙණිය මහතා නම් කර තිබේ.
 
 ලොව පුරා විවිධ තලයන්හි ව්‍යාපාරිකයන් සහ එම ව්‍යාපාර අගයා වාර්ෂිකව පවත්වන මෙම සම්මාන ප‍්‍රදානය ඉතා තරගකාරී වන අතර ශ‍්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම් ගණනාවක් අභිබවමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් අත්කර ගත් මෙම ජයග‍්‍රහණය සුවිශේෂ වන්නේ එබැවිනි.
 
 ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින් නිකුත් වන අන්තර්ජාතික ව්‍යාපාර සඟරාව අන්තර්ජාතික ව්‍යාපාර, මූල්‍ය ක්‍ෂේත‍්‍රයට අදාළ ව්‍යාපාර, ව්‍යාපාරික නායකයන් හා ඔවුන්ගේ කුසලතා මෙන්ම එකී ව්‍යාපාර අත්කර ගන්නා ප‍්‍රගතිය තම සම්මාන ප‍්‍රදානය සඳහා සලකා බලයි. 2020දී ද සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් International Business Magazine සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. ඒ හොඳම සේවක ප‍්‍රතිලාභ සපයන්නා 2020 සහ ක්ෂුද්‍ර රක්ෂණය සඳහා හොඳම ජීවිත රක්ෂණ සමාගම 2020 යන සම්මානයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles