Sunday, May 19, 2024

ඉන්දියාවෙන් කොරෝනාවට එරෙහිව දියරයක් ලෙස නාසයට ඉසින ප්‍රතිශක්තිකරණ එන්නතක්

දියරයක් ලෙස නාසයට ඉසින හෝ බිංදු ලෙස වත්කරනු ලබන කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබන වසරේදී හදුන්වාදීමට ඉන්දියාව සූදානම් වෙයි.

BBV 154 ලෙස නම් කර ඇති මෙම නාසයෙන් ලබාදෙන කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ඉන්දීය රාජ්‍ය සමාගමක් වන භාරත් බයෝටෙක් ආයතනය විසින් නිෂ්පාදනය කර ඇත.

මේ වනවිට සාර්ථකව සායනික පරීක්ෂණ අවසන් වී ඇති මෙම එන්නතේ නිෂ්පාදන කටයුතු ලබන ජනවාරි මාසයේදී ආරම්භ කෙරෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වාර්ෂිකව එන්නත් බිලියනය බැගින් නිපදවා විදේශ ආයතනවලද සහයෙන් මෙම එන්නත ගෝලීයව බෙදාහැරීමට සැලසුම් කර ඇති බව භාරත් බ⁣යෝටෙක් ආයතනය සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles