Tuesday, May 7, 2024

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට නව නීතියක් ; තනියෙන් දුර ගමන් යාම තහනමි කරයි

ඇෆ්ගනිස්තානයේ තලේඛාන් පාලනය විසින් එරට කාන්තාවන් සම්බන්ධයෙන් නවතම තහනමක් පැනවීමට පසුගිය ඉරිදා තීරණය කර ඇත. ඒ අනුව යම්කිසි කාන්තාවක් යම් දිගුදුරක ගමනක් සඳහා යැමේදී ඇය අනිවාර්යයෙන්ම තනිවම නොයා යුතු බවත් ඇය අනිවාර්යයෙන්ම සම්පතම පිරිමි  ඥාතියකු තමන් සමග කැටුව යා යුතු බවටත් මෙහිදී නියම කෙරේ තිබේ.

තලේබාන් පාලනය යටතේ පවතින ආගමික විනය ප‍්‍රවර්ධනය කිරීම සහ දුශ්චරිතය පිටුදැකීම යන අමාත්‍යාශය මගින් මෙම උපදෙස් නිකුත් කිරිම් සිදුකර තිබේ. එසේම මෙහිදී කුලී රථ හිමිකරුවන්ට කාත්තාවන් සඳහා සිය රථයේ ගමන් බිමන් යැමට අවස්ථාව ලබාදිය යුත්තේ ඔවුන් පිජාබයක් ඇඳ සිටින්නේ නම් පමණක් බවටද උපදෙස් නිකුත් කර තිබේ.


එමෙන්ම, ඉස්ලාමීය හිජාබය නොපලදින කාන්තාවන්ට ද වාහන ලබාදීමෙන් වළකින ලෙස තලෙයිබාන් පාලකයින් වාහන හිමිකරුවන්ට මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.


පවුලේ සමීපතම පිරිමි ඥාතියෙකු නොමැතිව එලෙස දුර ගමන් යන ඇෆ්ගන් කාන්තාවන්ට ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන ලෙස තලෙයිබාන් පාලනය දැනුම් දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කිලෝමීටර් 72කට වඩා වැඩිදුරක් යාමට තිබෙන ගමනකදී කාන්තාවන් අනිවාර්යයෙන්ම තමන්ගේ පවුලේ සමීපතම සාමාජිකයෙකු හා කැටුව යාම අනිවාර්යය කෙරෙනවා. එහිදී විශේෂයෙන්ම පවුලේ සමීපතම පිරිමි ඥාතියෙකු එම ගමනට එත්විය යුතුයි.” යනුවෙන් එම අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

මේ අතර තලේබාන් පාලනය විසින් ඇෆ්ගනිස්ථානයේ විකාශය කරන රූපවාහිනි නාලිකාවලින් කාන්තාවන් රංගනයෙන් දායක වන ටෙලිනාට්‍ය සහ අනෙකුත් නාට්‍යමය වැඩසටහන් වහාම ඉවත් කරන ලෙසද පසුගියදා දැනුම් දී තිබේ. එම කාන්තා නිවේදිකාවන් වැඩසටහන් මෙහෙයවද්දී අනිවාර්යෙන්ම හිජාබය පැළඳ සිටිය යුතු බවටත් අනිවාර්ය කෙරී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles