Sunday, May 19, 2024

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ඛණිජ තෙල් නළයක්….

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජනපතිනී ද්‍රෞපදි මුර්මු මහත්මිය අතර හමුවක් දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී සිදු විය.

මෙම හමුවට අලි සබ්රි,කංචන විජේසේකර,ඩග්ලස් දේවානන්දා, ජීවන් තොණ්ඩමාන් යන අමාත්‍යවරු ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුද සහභාගි වූහ.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර  හමුවක්ද පැවැත්විණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයක් පරිදි  දෙදින සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඉන්දියාවට ගියේය.

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අති දුෂ්කර කාල පරිච්ඡේදයන්හිදී  ඉන්දියාව ලබාදුන් නොසැලෙන සහයෝගය වෙනුවෙන් ඉන්දියාවට කෘතඥතාව පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිය මංගල ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ දූත මණ්ඩල මට්ටමේ සාකච්ඡාවලින් පසුව අදහස් දක්වමින්. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව ස්ථීර ලෙස ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බවයි. ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය රටතුළ මෙන්ම බාහිර පාර්ශවයන්ගේ ද විශ්වාසය යළි ඇති කිරීමට හේතු වී ඇති බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ. 


සිය දෙදින ඉන්දීය සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දීට අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි මුණ ගැසුණා. ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ආකාරයට ඉන්දීය සහාය ඇතිව ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීම, කර්මාන්ත හා ආර්ථික කටයුතු සඳහා මධ්‍යස්ථානයක් බවට පත්කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡා පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වාසනීය බලශක්ති සැපයුමක් සහතික කිරීම සඳහා දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ නල මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ එහිදී අවධානය යොමු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කිරීමට සහ පුළුල් කිරීමට සිය ඉන්දීය සංචාරය ඉතා වටිනා අවස්ථාවක් සළසා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසන්නේ තලෛයිමන්නාරම – රාමේෂ්වරම් සහ නාගපට්ටිනම් – කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවා ආරම්භ කිරීම දෙරට අතර නාවික ගමනාගමනය තව දුරටත් ශක්තිමත් කරන බවයි. 


මේ අතර, ඉන්දු – ලංකා සබඳතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්ව දැක්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති හමුවෙන් පසුවයි. මෙම හවුල්කාරිත්ව දැක්ම ප්‍රකාශයට පත් කර ඇත්තේ සමුද්‍රීය කටයුතු, ගුවන් සබඳතා, බලශක්ති සහ විදුලිබල සබඳතා, වෙළෙඳ, ආර්ථික සහ මූල්‍ය සබඳතා, පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේයි.


දෙරට අතර වෙළඳ ගනුදෙණු පියවීම් සඳහා මුදල් ඒකකයක් ලෙස ඉන්දියානු රුපියල නම් කිරීමට ගත් තීරණය වඩාත් ශක්තිමත් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වාණිජ සම්බන්ධතා ඇති කර තිබෙනවා. ව්‍යාපාර සහ සාමාන්‍ය ජනතාව අතර වෙළඳාම සහ ගනුදෙනු තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල් ගෙවීම් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී එකඟ වී තිබෙනවා. (neth) 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles