Sunday, May 19, 2024

උද්ධමනය අඩුවේ….!

මෙම මස අවසානයේ උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහළ යනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අද කොළඹ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“නව මහ බැංකු පනත අවසානයේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න හැකිවුණා. දැන් එය නීතියක් බවට පත්ව තිබෙනවා. එය දේශීය මිල ස්ථාවරත්වය සහ මූල්‍ය පද්ධති ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා අපට පැවරී තියෙන වගකීමට වඩාත් ස්වාධීනත්වයක් ලබාදීලා තියෙනවා වගේම වැඩි ශක්තිමත් වගවීමක් ලබාදීලා තියෙනවා. ෆිස්කල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය අතර ඇති වෙනස පිළිබඳ පැටලිලි සහගත තත්වයක් නිර්මාණය වී තිබුණා. පාර්ලිමේන්තුවේදීත් සමහරු කියනවා ඇහුනා රටේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට බව. ඔවුන් කතාකරන්නේ මහජන මූල්‍ය බලය පිළිබඳ. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව නෙමෙයි. අපිට දැන් නව ව්‍යුහයක් තියෙනවා. මූල්‍ය මණ්ඩලය සහ පාලක මණ්ඩලය. අපි මේ මාසයේ අවසන් වෙද්දී තනි ඉලක්කමේ උද්ධමන අගයක් අත්පත්කරගන්න තැනක ඉන්නවා.”

මෙරට උද්ධමනය කලකට පසු තනි ඉලක්කමකට ආසන්න වී තිබෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජූනි මාසයේ උද්ධමනය සියයට 10යි දශම 8 දක්වා අඩුවී ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මැයි මාසයේදී උද්ධමනය පැවතුනේ සියයට 22යි දශම 1 ක් ලෙසයි. මැයි මාසයේ සියයට 15යි දශම 8ක්ව පැවති ආහාර උද්ධමනයද ජූනි මාසයේදී සියයට 2යි දශම 5ක් දක්වා අඩුවී තිබෙනවා. මැයි මාසයේ සියයට 27යි දශම 6ක්ව පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද ජූනි මාසයේදී සියයට 18යි දශම 3ක් දක්වා අඩුවී ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ


 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles