Thursday, May 2, 2024

ඉන්දියාව තවත් පැට්‍රල් එවයි..!

පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ සියලුම ප්‍රදේශ වල දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා. මේවන විට ලංකාව තුළ තිබෙන ගෑස් සංචිතය අවසන් වෙමින් පවතිනවා. එමෙන්ම ගෑස් සහ ඉන්ධන ආනයනය කරන්නට තවත් ඇත්තේ රටේ ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන පනහක තරම් සුළු මුදලක් බව මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී හෙළිකළා. එමෙන්ම

මෙරට ගෑස් හිඟය තවත් මාසයක් පමණ පවතිනු ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. තායිලන්තයෙන් ආනයනය කෙරෙන පළමු ගෑස් තොගය මේ මස අවසන් වීමට පෙර මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ. ගෑස් ගෙන්වන සියම් සමාගම සමඟ මෙම සතියේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතයි. 

නෞකාව එරටින් පැමිණීමට පෙර ගෑස් පිළිබඳ තත්ත්වය පරීක්ෂාවක් සිදුකර වාර්තාවක් මෙරටට සපයනු ලබනවා. නෞකාව මෙරටට පැමිණීමෙන් පසුව ද ගෑස් පිළිබඳ තත්ත්ව පරීක්ෂාවක් සිදුකරන බවයි එම ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ. මෙරටට ගෑස් ගොඩබෑමට පෙර එම වාර්තාවන් දෙකෙහිම දත්ත සමාන විය යුතු බවද එහිදී ප්‍රකාශ කෙරුණා. 

තායිලන්තයෙන් ආනයනය කිරීමට වසරකට අපේක්ෂිත ගෑස් ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 03 ක්. කෙසේවෙතත් තායිලන්තයෙන් ගෑස් ගෙන්වුවද දැනට වෙළඳපොළෙහි පවතින මිලෙහි වෙනසක් සිදුනොවන බව ලිට්‍රෝ සමාගමේ ජේ්‍ය්ෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර පෙට්‍රල් රැගත් නෞකාවක් කොළඹ වරායට ඊයේ ළගා වුණා. ඉන්දීය සහයෝගිතාව යටතේ එම නෞකාවෙන් රැගෙන ආ පෙට්‍රල් ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් හතලිස් දහසක්. මේ වනවිට ඉන්දියාව විවිධ වර්ගයේ ඉන්ධන මෙට්ට්‍රික් ටොන්  හාර ලක්‍ෂ 40,000 කට ආසන්න ප්‍රමාණයක් ලබාදී ඇති බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විට්ර් පණිවිඩයක් තබමින් සදහන් කර ඇත්තේ.

පිරවුම්හල්වලින් ඇණවුම් කරන ඉන්ධන තොග ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් නොකරන බවටයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පැවසුවේ. මේ හේතුවෙන් ඊයේ දිනයේද ඇතැම් පිරවුම්හල් අසල යළි පෝළිම් දක්නට ලැබුණා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles