Thursday, May 2, 2024

ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙි අවදානය

ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සම්බන්ධයෙන් වඩාත් අවදානයට ලක් කළ යුතු බවට යෝජනා කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරනවා.

අද වන විට ලෝක වෙළදපොලේ තෙල් මිල ගණන් සැසදීමේ රජයට දැරීමට සිදුවන ඉන්ධන පිරිවැය ඉතා ඉහළ අගයක් ගන්නා බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සදහන් කළේ.

දැනට ඩීසල් ලීටරයකින් රුපියල් 128ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80ක් සංස්ථාව පාඩුවක් ලබන බවත් හෙතෙම පැවසීය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර පසුගිය දිනවලදී වෙළදපොලේ කිසිඳු ඉන්ධන හිගයක් නොතිබූ බව සුමිත් විජේසිංහ මහතා මෙහිදී සදහන් කළා.

ඒ අනුව පාරිභෝගිකයින් අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන රැගෙන යාම හේතුවෙන් ඉන්ධන පරිභෝජනය ඉහළ ගොස් තිබූ නමුත් ඉන්ධන හිගයක් නොතිබූ බව සුමිත් විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

තව දුරටත් මෙම පාඩුව දරා ගැනීමට රජයට දැරීමට හැකි යයි තමන් නොසිතන බව පැවසූ ඒ මහතා මිල වැඩි කිරීම ගැන සලකා බැලිය යුතු බවද සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles