Wednesday, May 8, 2024

ඊයෙත් ශ්‍රී ලංකාවට ලාහෝර්වලදී ප්‍රහාරයක්‌

සුපුරුදු පරාජයන් රැල්ලේ එල්ලුණු ශ්‍රී ලංකා පිල පාකිස්‌තානය සමග ලාහෝර්හිදී පැවැති තෙවැනි විස්‌සයි විස්‌ස තරගයෙන් ලකුණු 36 ක පරාජයක්‌ අත්වින්දේය. අදාළ පරාජයත් සමග ශ්‍රී ලංකාව එක්‌දින හා විස්‌සයි විස්‌ස තරග 16 ක්‌ පිට පිටම පරාජයට පත්ව සිටීම විශේෂත්වයකි.

අබුඩාබි තණතීරුවට වඩා පිතිකරුවන්ට ලකුණු නෙළාගත හැකි තණතීරුවක්‌ බවට ලාහෝර් තණතීරුව පත්වෙද්දී පාකිස්‌තාන ආරම්භක පිතිකරුවන් යුගලය වූ µකාර් සමාන් හා උමර් අමීන් යුගලය පළමු කඩුල්ල සඳහා ලකුණු 57 ක සබඳතාවක්‌ පැවැත්වීය.

දිල්ශාන් මුණවීර යෑවූ පන්දුවක්‌ කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් µකාර්ගේ ඉනිම නිමාවන විට පන්දු 27 කදී හතරේ පහර තුනක්‌ සමගින් හෙතෙම ලකුණු 31 ක්‌ රැස්‌කර ගත්තේය.

අනතුරුව මුළු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 34 ක්‌ එක්‌වනවාත් සමගම ඉසුරු උදානගේ ගොදුරක්‌ බවට පත්වූ උමර් අමීන් ලකුණු 45කට දැවී ගියේය.

පාකිස්‌තාන ආරම්භක පිතිකරුවන් දැමූ සාර්ථක අඩිතාලමට සාධාරණයක්‌ ඉටුකරමින් ප්‍රවේගකාරී පිති ප්‍රහාරයක්‌ දියත්කළ ශොයිබ් මලික්‌ සිය විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ දිවියේ 6 වැනි අර්ධ ශතකය රැස්‌කර ගත්තේය. ශ්‍රී ලංකා පිතිකරුවන් වෙහෙසට පත්කරමින් ශොයිබ් කළ හරඹය පන්දු 24 කට සීමාවන අතරවාරයේ හයේ පහර දෙකකින් සහ හතරේ පහර පහකින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බැට දී තිබුණි.

පාකිස්‌තාන පිතිකරුවන් මෙල්ල කිරීමේදී ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 8 දෙනකුගේ සහය ලබාගෙන තිබීම කැපී පෙනුණ අතර එහිදී සීකුගේ ප්‍රසන්න, මහේල උඩවත්ත හා කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවික්‍රම යන ක්‍රීඩකයන් පමණක්‌ පන්දු නොයවා තිබිණි.

ලකුණු 21 ක්‌ තුළ කඩුලු 3 ක්‌ දැවී පවතින මොහොතකදී පිටියට පිවිස ශ්‍රී ලංකාවට තරමක ජයග්‍රාහී බලාපොරොත්තු දැල්වූ දසුන් ශානක සිය මංගල විස්‌සයි විස්‌ස අර්ධ ශතකය වාර්තාකර ගත්තේය.

µහීම් අශ්රාµa යවන ලද පන්දුවකට ඉමාඩ් වසීම් වෙත උඩ පන්දුවක්‌ ලබාදීම හේතුවෙන් පන්දු 36 කදී සිය ඉනිම අවසන් කළ දසුන් ශානක හයේ පහර තුනක්‌ සහ හතරේ පහර පහක්‌ සමගින් ලකුණු 54 ක්‌ රැස්‌කරගෙන සිටියේය.

re16 1

දැඩි ආරක්‌ෂක විධිවිධාන මධ්‍යයේ පැවැති මෙම තරග නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු පිරිසද සහභාගි විය. තරගය පැවැති ලාහෝර් අවට ප්‍රදේශයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඡායාරූප පුවරු දක්‌වා තිබූ අයුරු අන්තර්ජාලයේ දක්‌වා තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles