Saturday, April 27, 2024

ඊළඟ ආණ්ඩුව පිහිටුවන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය – අමාත්‍ය මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන පිරිස් සමඟ ඉදිරියේදී නව ආණ්ඩුවක් ගොඩනගන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

අද (10) නිදහස් පක්ෂ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ නිදහස් සන්ධානය විසින් මීළඟ ආණ්ඩුව පිහිටුවන බවයි.

රටේ  පක්ෂ ගණනාවක් තමන් වටා එකතු වී ඇති බවත්, මේ රටේ ඊලඟ ආණ්ඩුවක් පිහිටුවන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බව තමන් බය නැතිව ප්‍රකාශ කරන බවත් පරිසර මහින්ද අමරවීර ඇමතිවරයා එහිදී පැවසුවේය.

ඇමතිවරයා කීවේ  තමන්ට ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමේ අවශ්‍යතාවයක් නැති බවත් පාඩම් ඉගෙනගෙනගත්   ජනතාව ඒ පාඩමින් බේරාගන්නට යන තමන්ට ඇමතිකම් සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් නැති බවත්ය.

මෙම අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර, පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මැතිතුමන්, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මැතිතුමන්, ශාන් විජේලාල් සිල්වා යන මැතිතුමන්, පක්ෂ සංවිධායකවරුන් පක්ෂ සාමාජික මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි විය.

“ අපි මේකෙ ඉන්න දඟලන්නෙත් නෑ. යන්න දඟලන්නෙත් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වෙලා පොදුජන පෙරමුණයට යන්නවත්,  රනිල්ට එකතුවෙන්නවත් සජිත්ට එකතුවෙන්නවත් අපට බලාපොරොත්තුවක් නෑ. “ ඇමතිවරයා කීවේය.

ආණ්ඩුව ප්‍රදර්ශනාත්මක පදනම දැමූ    වියත් මග මිනිස්සුන්ට එපා වී ඇති බව කී ඇමතිවරයා ජනතාව ඒ පිළිබඳව කතා කරනවාටවත් කැමති නැති බ කීවේය. මේ වනවිට පළාත් සභා මැතිවරණය කල් දැමීම පිළිබඳ කථිකාවක් ගොඩනැගී තිබෙනවා නොවේදැයි මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයට ඇමතිවරයා පිළිතුරු දුන්නේ   පළාත් සභා කල් දැමීමේ කිසිම අවශ්‍යතාවයක් නැති බවත්,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයට මුහුණ දීමට සූදානමින් සිටින බවත් කියමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles