Tuesday, April 30, 2024

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා කොටස මාස හයකට වැසේ

සංවර්ධන කටයුත්තක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වවුනියාව දක්වා කොටස මාස 06ක කාලයක් වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව කිලෝමීටර 120ක දුරක් සංවර්ධනය කිරීමට නියමිතය.

ඒ සදහා ඩොලර් මිලියන 92ක් වැය වන අතර දැනට මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කළ හැකි උපරිම වේගය වන්නේ පැයට කිලෝමීටර 80කි.

කෙසේ වෙතත් එම දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසු එම මාර්ගයේ වේග සීමාද නොමැතිව පැයට කිලෝ මීටර් 100ක උපරිම වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles