Sunday, May 5, 2024

උතුරු දුම්රිය මාර්ගය ජනවාරි සිට වැසෙයි….

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුත්තක් හේතුවෙන් මාස 06ක කාල සිමාවක් සඳහා තාවකාලිකව මහව සහ අනුරාධපුර අතර දුම්රිය ධාවනය සිදු නොවන බව දුම්රිය දෙපාර්මේන්තුව පවසනවා.

එම දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස මහව සහ අනුරාධපුර අතර මාර්ග නවීකරණ කටයුතු හේතුවෙන් එළඹෙන ජනවාරි මස 07 වන දින සිට මාස 06ක කාල සීමාවක් සඳහා මහව සහ අනුරාධපුර අතර දුම්රිය ධාවනය සිදු නොවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

ඒ අනුව, ජනවාරි මස 07 වන දින සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කොළඹ කොටුව සිට මහව දක්වා පමණක් සහ කන්කසන්තුරය සිට අනුරාධපුරය දක්වා පමණක් ක්‍රියාත්මක වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

යාපනය සිය අනුරාධපුරය දක්වා කොටස ඉන්දීය ආධාර යටතේ සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කොට අවසන් අතර, එහි පැයට කිලෝමීටර 100ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි බව පැවසෙනවා.

ඉදිරි අලුත්වැඩියාවන් මහව – කුරුණෑගල, කුරුණෑගල – පොල්ගහවෙල අතර සිදුකරන්නට නියමිත අතර ඒ්වා ලබන වසර අවසානයේ සිදුකීරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Related Articles

Latest Articles