Monday, May 6, 2024

විදුලි බිඳවැටීම යථා තත්ත්වයට පත් කර අවසන්…

දිවයින පුරා විදුලි සැපයුම 100%ක් මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.


ඊයේ සවස 5.00 ට පමණ මුලු දිවයිනටම බලපාන පරිදි විදුලි විසන්ධිවීමක් වාර්තා විය. ඊට හේතුව ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පැවසූයේ පද්ධතියේ ඇතිවූ දෝෂයක් එනම් බලාගාරයක ක්ෂණික බිඳවැටීමක් බවත් එය ජාතික පද්ධතියට දරාගත නොහැකි වූ විට ස්වයංක්‍රීයව බිඳ වැටෙන බවත්ය.

එය නැවත යථාතත්ත්වයට පත්කිරීමට පැය කිහිපයක ක්‍රියාවලියක් හෙයින් දිවයිනම අඳුරේ පැය දෙකකට වඩා කාලයක් පැවතුණා.

Related Articles

Latest Articles