Monday, May 20, 2024

උද්ඝෝෂණයන්ට මුහුණ දීමට වෙනම ඒකක වුවමනා නෑ

වර්ජන සහ උද්ඝෝෂණ ඇතුළු හදිසි අවස්ථා වෙනුවෙන් වෙනම ඒකකයක අවශ්‍යතා‍වක් නොමැති බවත් කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා මහතාට එම යෝජනාව සිදුකළේ විහිළුවට මෙන් බවත් සමාජ සවිබල ගැන්වීමේ හා සමාජ සුබසාධන ඇමති එස්. බී. දිසානායක මහතා පවසයි.

එමෙන්ම මෙවැනි ඒකකයක් හදිසියේ ස්ථාපිත කළ නොහැකි අතර පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර අදාළ කටයුතු සිදුකළ යුතු බවත් ඇමතිවරයා පැවසීය.

එමෙන්ම මෙවැනි ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන් යෝජනාවක් සිදුවුවත් එය මානව හිමිකම්වලට අදාළ කටයුත්තක් බැවින් දෙවරක් කල්පනා කර සිදුකළ යුතු බවත් ඇමතිවරයා පැවසීය. ඇමති එස්. බී. දිසානායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මෙම කරුණ සම්බන්ධයෙන් තමන් වැඩිදුර තොරතුරු දැනගත්තේ ඇමති රාජිත සේනාරත්න මහතා සිදුකළ ප්‍රකාශයෙන් බවත් ඇමතිවරයා පැවසීය. රටේ විනය සම්බන්ධයෙන් රජයක් ලෙස අවධානය යොමුකිරීම සිදුවිය යුතු බව තමන් පිළිගන්නා බවද ඇමතිවරයා පැවසීය. කෙසේවුවද සරත් ෆොන්සේකා මහතා යටතේ වෙනම ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමති එස්. බී. දිසානායක මහතා සඳහන් කළේ ෆොන්සේකා මහතාට ආරක්ෂක හමුදාව භාරදුනහොත් එය ඉතා ශක්තිමත් අයුරින් පවත්වාගෙන යාමේ හැකියාව පවතින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles