Saturday, May 4, 2024

උද්ධමනය සමඟ බී ලූණු 700ට නඟී!

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නොවැම්බර් මාසයේදී උද්ධමනය සටහන් වූවේ සියයට 2.8ක් ලෙසටය.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝබර් මාසයේදී උද්ධමනය සියයට 1ක් ලෙස සටහන් විය.

මේ අතර ඔක්තෝබර් මාසයේ සියයට -5.2 ට පැවති ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට -2.2ක් දක්වා ඉහළගොස් ඇත.

ඉන්දියාවෙන් ආනයනය කරන ලොකු ලූනු කිලෝවක මිල ඊයේ (21) පස්වරුව වන විට රුපියල් 650 ත 700 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබුණි.
පිටකොටුවේ ලොකු ලුණු සිල්ලර මිල රුපියල් 500 ත් 600 ත් අතර පැවතුණි.

ලොකු ලූණු සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදකාරී තත්ත්වය විසදුමක් නොමැති අර්බුදයක් දක්වා දික්ගැස්සෙමින් ඇතැයි කෘෂිකර්ම පර්යේෂකයින් පවසනවා.

ඊට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ දේශීය ලොකු ලූණු වගාවේ සීඝ්‍ර පසුබෑමයි.

ඉකුත් දශකයක කාලය සැලකීමේදී වැඩිම ලොකු ලූණු අස්වැන්නක් මෙරටින් වාර්තාවී ඇත්තේ 2014 වසරේදීයි.

එහිදී මෙරට ලොකු ලූණු අස්වැන්න මෙටි්‍රක් ටොන් 98,900 ක්.

එය දේශීය අවශතාවයෙන් තුනෙන් එකක්.

2014 වසරේදී මෙරට සිට ඇති ලොකු ලූණු වගා කරන ගොවීන් සංඛ්‍යාව 15,278 ක්. එය 2021 වසර වන විට 9,269 දක්වා ද, 2022 වන විට 6,517 ක් දක්වා ද, මේ වසර වන විට 1,263 ක් දක්වා ද පහළ බැස තිබෙනවා.

Related Articles

Latest Articles