Saturday, May 4, 2024

සැමට සුබ නත්තලක් වේවා…!

ලෝකවාසී කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් අරිසිමත්ව වාර්ෂික සමරණ ‘නත්තල් උත්සවය’ අදයි. ශ්‍රී ලාංකිකයෝ ද භත්කියෙන් යුතුව අද දිනයේ ‘නත්තල්’ සමරති.

‘සාමයේ කුමාරයාණෝ’ ලෙස ලෝකවාසීන්ගේ භක්තියට සහ ගෞරවයට පාත්‍ර වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සුවිශේෂී උපත යෙදී ඇති දෙසැම්බර් මස 25 වැනි දිනය නත්තල් දිනයයි. සීතල උඳුවප් මාසයේ ගවලෙනක උපත ලැබූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිතය කැප කළ ගෞරවණීය ආගමික ශාස්තෘවරයෙකි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මව මරියතුමිය වන අතර පියා ජුසේතුමා වෙති. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ආසන්නව තිබියදී මරියතුමිය සහ ජුසේතුමා ජන සංඝණයක් සඳහා බෙත්ලෙහෙම් නුවරට යෑමට සිදුවූහ.

ජුසේතුමාගේ උපන් ගම වන බෙත්ලෙහෙම් නුවර ජේසුස් වහන්සේගේ උපත වූ රාත්‍රීය ගත කිරීමට සුදුසු ස්ථානයක් සොයාගැනීමට නොහැකි වීමෙන් ඔවුන් ගව ලෙනක නවාතැන් ගත් අතර ඒ හේතුවෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගව ලෙන තුළ සිදුවූ බවට ආගමික ඉතිහාස ග්‍රන්ථ පෙන්වා දෙයි…

ශ්‍රී ලංකාව ද අර්බුදයකින් ගොඩ එමින් පවතින අවස්ථාවක ඉතා අසීරුවෙන් වුවද නත්තල් උත්සවය සමරනු ලබයි. රටට සාමය හා සෞභාග්‍ය පතන ජනතාව මේ මොහොතේ සිටින්නේ අසීරු කැපකිරීම් රාශියක් මධ්‍යයේය.

CIA සභාපතිතුමන් ඇතුළු කාර්යමණ්ඩලය ලක්වාසි සැමට සුබ නත්තලක් ප්‍රාර්ථනා කරයි…

Related Articles

Latest Articles