Thursday, May 2, 2024

උපදින්නත් පෙරම කිරිකැටියන් 70කට කොරෝනා

සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් -19 ආසාදිත බිළිඳුන් 70 දෙනකු පමණ මේ වනවිට උපත ලබා ඇති බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පවසයි.

කොවීඩ් ආසාධිත මව්වරුන්ගෙන් නව ජන්ම ළදරුවන්ට ගර්භාෂය තුළදී රෝගය වැලදීමේ ප්‍රවනතාවය වැඩි බවද ඔහු සඳහන් කරයි.

එම සියලු බිළිඳුන් වෙන් වෙන්ව ආරක්ෂා සහිතව රැකබලා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේදී සෑම රෝහලකම කොවිඩ් ආසාදිත බිළිඳුන් රැකබලා ගැනීම සඳහා වෙන්ව ඒකකයක් පිහිටුවීමට පියවර ගත යුතු බව එම මාධ්‍ය හමුවට එක්වූ කාසල් වීදිය කාන්තා රෝහලේ ළදරු රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා සඳහන් කළේය.

ගැබිණි කාන්තාවන්ට කොවිඩ් -19 ආසාදනයවීම වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles