Sunday, May 19, 2024

එමි­රේට්ස් කොළ­ඹට ගුවන් ගමන් වැඩි කරයි

මැයි 3 දා සිට එමිරේට්ස් ගුවන් සමාගම විසින් සතියකට කොළඹට ක්‍රිමකයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හය සිට හත දක්වා වැඩිකරන බව එම සමාගම නිවේදනය කර ඇත.

EK650 ලෙස නම් කර ඇති මෙම අමතර ගුවන් ගමන සෑම සඳුදාවකම ක්‍රියාත්මක වනු ඇත. පැය 02:05 ට ඩුබායි වෙතින් පිටත්ව පැය 08:00 ට කොළඹට ළඟා වන මෙම ගුවන් ගමන EK651 ලෙස පැය 09:30 ට කොළඹින් පිටත්වී පැය 12:15 ට ඩුබායි වෙත ළඟාවේ. මේ අනුව, එමිරේට්ස් මගීන්ට ඩුබායි හරහා එමිරේට්ස් ජාලයේ ගමනාන්ත 90 ක් වෙත පහසුවෙන් සහ ආරක්ෂාකාරීව ගමන් කිරීමේ අවකාශය වර්ධනය වේ.

කොළඹට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා එමිරේට්ස් විසින් පුළුල් බඳ සහිත Boeing 777-300ER වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබේ. සමාගම සඳහන් කරන්නේ emirates.com වෙබ් අඩවිය, එමිරේට්ස් අලෙවි කාර්යාල හෝ ට්‍රැවල් ඒජන්ත සමාගම් මගින් ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කර ගත හැකි බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles