Sunday, May 5, 2024

රසායනික පොහොර නතර කිරීමෙන් වසරකට කෝටි 6,300ක ඉතිරියක්

රසායනික පොහොර, වල් නාශක පළිබෝධ නාශක මෙරටට ගෙන්වීම නතර කිරීම සඳහා ජනාධිපතිතුමා ඇතුළු ඇමති මණ්ඩලය ගත් තීරණය නිසා රටට වාර්ෂිකව රුපියල් කෝටි 6,300 කට අධික මුදලක් ඉතිරිවන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සිළුමිණට කීය.

වාර්ෂීකව මෙරටට රසායනික පොහොර මෙට්‍රික් ටොන් 12,60,000 ක් පමණ ගෙන්වන බවත් ඒ සඳහා රුපියල් කෝටි 5,600ක් වැයවන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි. 2019 වසර සඳහා පොහොර සහනාධාර ලෙස රුපියල් කෝටි 3,500ක් ද 2020 සඳහා රුපියල් කෝටි 5,000ක් ද වැය කර ඇත.

ඊට අමතරව පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ සංඛ්‍යා ලේඛන අනුව වසරකට කෘමිනාශක හා වල් නාශක මෙට්‍රික් ටොන් 6,000ක් – 8,000ක් ගෙන්වන බවත් ඒ සඳහා වසරකට රුපියල් කෝටි 600ක් -700ක් පමණ වැයවන බවත් හෙළි වී ඇත.

මෙවර යල කන්නයට අවශ්‍යතරම් රසායනික පොහොර හා වල් නාශක ඇති බවත් ඉදිරි මහ කන්නයේ සිට වසරක් සඳහා කාබනික පොහොර ජනප්‍රිය කිරීමට රුපියල් කෝටි සියයක් වැය කරන බවද මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles